අලුත් ජම්බු

ත්‍රීවීලර් එකක් හප්පා නතර කර හරක් හොරු ඇල්ලු අපේ කාලයේ වීරයා


හොරණ ප්‍රදේශයේ තරුණයෙක් පෙරේදා රාත්‍රියේ හරක් හොරකමේ ගිය පිරිසක් අල්ලා කළ මෙහෙයුමක් මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක ලක්ව ඇත.ඔහු ක්‍රියාත්මක වී මෙම හරක් හොරුන් පිටුපස ගොස් තම ජීවිත අවදානමද නොතකා මරණයට ගෙන ගිය  සතුන් දෙදෙනා බේරාගෙන ඇත.ඔහු තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින් නරඹන්න.
“ඕන්න පොලීසියට බැරි දේ අද මන් කරා.. හරක් හොරු ඇල්ලීම. හෑළඹ සිට මතුගම බලා රාත්‍රී 11.05ට පමන මා යන විට පාරේ සිටි හරක් පෙටියෙකු මෙම ත්‍රීවීලර් රථයට නන්වාගැනීමට උත්සහ දරනු මා දුටු විගස එම පැටියා අතහැර දමා ලයිට් නිවා ඉතා වේගයෙන් ඉදිරියට ඇදුනි. මා ද පිටුපසින් පසු පසම ගමන් කරමින් ඉස්සර වීමට ඉඩ ඉල්ල කිහිපවරක් හෝන් කරද පාරේ සික් සැක් අතට ගමන් ගත් ත්‍රීවීලර් රථය පිටු පසට එක එල්ලේම පල්සර් 135 බයිසිකලයක් පැමින මා යන ගමන නතර කිරීමට උත්සහ ගත්තේය. මා ශනයෙන් මෙම වාහන දෙකම හප්පා හෝ නතරකිරීමට තීරනය කර එක් වරක් පිටුපසින් හැප්පුවද නැවත් ගමන වේගවත් විය. එවිට බයිසිකලය නොනවත්වා වේගයෙන් ඉදිරියට නොපෙනීගියත් ත්‍රීවීලර් රථය මා ඉදිරියේ තව තවත් වේගවත් විය. මා හය වරක් පිටුපසින් හැප්පුවද වීසිවෙවී තවදුරටත් ගමන් ගත්හ. එකවරම හොරන පාරට දානවත් සමග මා මාගේ රථයෙන් ඉස්සර කර හැප්පුවේය. එවිට පසකට විසිවූ ත්‍රීවිලරය විසිවී කානුවට පෙරලුනි. මාගේ දොර හිරවී මා බැස ගැනීමට සුලු මොහොතක් ගතවෙත්ම ඉන් බැසගත් හම්බයෝ තුන්දෙනෙකු දුවන්නට විය. මා හට ඉතා සතුටකි. ජීවිත දෙකක් බේරගැනීමට හැකිවීම. ඉන් පසු මතුගම පොලීසියෙන් පැමින හරක් පැටියත් ත්‍රීවීලර් රථයත් රැගෙන ගියහ”

No comments