අලුත් ජම්බු

උදේට රූපවාහිනියේ ඉඳලා රෑට යාලුවෝ එක්ක එන්ජෝයි කරනවා




උදා වී තිබෙන මේ නත්තල් සමය බොහෝ දෙනා සතුටෙන් සාමයෙන් තමයි ගත කරන්නේ, ඒ වගේම තමයි අපි ආදරේ කරන කලාකරුවනුත් මේ දිනය ගත කරන්නේ කොහොම කියලා දැනගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ඉතිං ගයාත්‍රි ඩයස් නත්තල් සමරන විදිහ ගැන අපිට මෙහෙම කිව්වා. “නත්තල කියන්නේ කතෝලික ආගමික උත්සවයන් වුණත් අපි හැමෝම හැම ආගමකම ප්‍රතිපත්තිවලට ගරැ කරන්න ඕනේ. ඇත්තටම මමනම් හැම ආගමකටම ගරැ කරනවා, පන්සල් යන්න, පල්ලි යන්න, කෝවිල් යන්න මම මැලිවෙන්නේ නෑ. මම පල්ලිත් යනවා. බැහැයි මම හොඳ බෞද්ධයෙක්. මමනම් නත්තල කියන දේ දකින්නේ ගොඩාක් මිනිස්සු සතුටින් ඉන්න මාසයක් විදිහටයි. මේ සතුටට ආගමක්, ජාතියක් බලපාන්නේ නෑ. ආගම් භේදයකින් තොරව හැම මනුස්සයෙක්ම Free එකේ ඉන්න කාලයක් තමයි මේ. නත්තලත් සමඟ අලුත් අවුරැද්දත් උදාවෙනවනේ. ඉතින් මේ කාලය හරි ලස්සනයි. ගොඩාක් වෙලාවට නත්තල් දවස අපේ උදේ කාලය ගෙවෙන්නේ මාධ්‍ය නාළිකා එක්කයි. සවස කාලය යාළුවන් එක්ක ටිකක් විනෝදවෙලා සතුටු සාමිචියේ යෙදෙනවා.”

No comments