අලුත් ජම්බු

ජයලලිතාගේ මරණය රංගනයක්ද? මියගිය ජයලලිතා රෝහලේ ඇඳේ සිටින වීඩියෝවක් පිටවේ




අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා ජෙයරාම් මහත්මිය රෝහල් ඇඳේ සිටින වීඩියෝ පටයක්‌ මාධ්‍ය වෙත නිකුත්වීමත් සමඟ මහත් ආන්දෝලනයක්‌ හටගෙන තිබේ.
තත්පර විස්‌සක මෙම වීඩියෝ පටය නිකුත් කර ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මන්ත්‍රීවරයකු වන ජී. වෙට්‌ටි්‍රවෙල් විසිනි.
මෙම වීඩියෝ පටයේ දැක්‌වෙන්නේ හිටපු මහ ඇමැතිනිය යම්කිසි පානයක්‌ බොමින් රූපවාහිනී බලන ආකාරයයි.
ජයලලිතාගේ මරණයෙන් පසුව ප්‍රකාශ වූයේ ඇය රෝහල්ගතව සිටි කාලය පුරාම විසඥව සිටි බවයි.
නමුත් මේ වීඩියෝව නිසා ජයලලිතාගේ මරණය සැකසහිත බවට සිදුකළ ප්‍රකාශවලට අලුත් පණක්‌ ලැබේ.
තමිල්නාඩු දේශපාලන පක්‍ෂ ප්‍රකාශ කරන්නේ මේ වීඩියෝපටය නිකුත් කර ඇත්තේ අද (21 දා) පැවැත්වෙන අතුරු මැතිවරණයකදී යම් වාසියක්‌ ලබා ගැනීමට බවයි.

No comments