අලුත් ජම්බු

කුලී නිවසක සිට දුප්පත්කම පරදා ජීවිතය ජයගත් කෝලි


කෝලි මේ  වන විට ලොකයේ අංක එකේ ප්‍රභලම පිතිකරු වී හමාරය එක්දින ලකුණු 9366 ලබාගෙන ඇත.ඒ වගේම ඔහු වර්තාකර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය 235වේ.ක්‍රිකට් ලොවේ මේ වන විට බැබලෙන කෝලි  මේ තාක් ආ ගමන නම් එතරම් ලෙහෙසි පහසු ගමනක් නොවේ.විරාට් කෝලි  උපත ලබා ඇත්තේ 1988 නොවෙම්බර් 5 වන දින දිල්ලියේය.ඔවුන්  පන්ජාබ් වැසියන් වේ. ඔහුගේ පියා ප්‍රේම් කෝලි නිතිඥ්යෙකි.මව සරෝජා කෝලි  ‍රැකියාවක නිරතවී නැත.විරාට් හට වැඩිමහල් සහෝදරයෙක් සහ වැඩිමහල් සහහෝදරියක් සිට ඇත.විරාට් කෝලි  යනු පවුලේ බාලයාවේ.


ඔහු අවුරුදු 3 දී පටන් ක්‍රිකට් ක්‍රිඩාවට ආදරය කර ඇත.ඔහු කුඩා කාලයේ  බැට් එක ගෙන තම පියාට බොල් කිරිමට කියමින් නිතර ඇවිටිලි කර ඇත.ඔහු Vishal Bharti පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා ඇත.1998 දි කෝලි  Delhi Cricket Academy ට ඇතුලුවී ඇත.එහිදී Rajkumar Sharma ‍යටතේ තවදුරටහ් ක්‍රික්ට ක්‍රිඩාව ප්‍රගුණකර ඇත .ඒම කාලයේ දී Delhi Cricket Academy යේ තරග දිනවන ප්‍රධනියා බවට විරාට් කෝලි  පත්ව ඇත.
ඔහු ඉන්පසුව Savier Convent නම් පාසලට ඇතුලත්ව ඇත.ඔහු පාසල් කාලයේ ක්‍රියාශිලි  සහ ඉගෙනීමට සමාන්‍ය දක්ශතාවයක් ඇති සිසුවෙක් වී ඇත.2006 දි ඔහුගේ පියා මිය යයි.මෙම කණගාටුදායක සිදුවිම කෝලි ගේ මනසට තදින් බලපැම් කරන අතර ඔහු මාසක් පමණ යනතුරු තම කාමරයෙන් පවා ඉවතට යාම ප්‍රතික්ෂේප කර ඇත.
ඉන් පසුව කෝලි හට ඉතා අමාරු කාලයකට මුහුණ දීමට සිදුවී ඇත.මුදල් අතින් ඉතාමත් අගහිකකම් වලට මුහුණ දීමට සිදුවූ අතර තම පවුල ජීවත් වන කුලී නිවාසයෙ කුලිය ගෙවීමට අපහසු තත්වයට පත්විය.ඉන් පසුව කොලී සහ ඔහුගේ පවුලේ සාමජිකයන් එක්ව පවුලේ ව්‍යාපාරයක් අරඹා නැවත තම පවුල මුදල් අතින් ශක්තිමත් කලාය.
කෝලි පවසන ලෙස ඔහුගේ ජිවිතේ පෙරගමන්කරු වී ඇත්තේ ඔහුගෙ පියාය.සැමදිනකම පුහුණුවීම වල නිරතවන ලෙස ඔහුගේ පියා ඔහුට නිතර අවවාද කර ඇත.එමෙන්ම ඉන්දියා නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට විරාට් ඇතුලුවෙනවා දැකිම ඔහුගේ පියාගේ සිහිනයක් වී ඇත.කෝලිගේ මංගල ජාත්‍යන්තර තරගයට තරග වැදි ඇත්තේ ලංකාව සමගය.2009 දි ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියක් පවත්වා ඇති අතර එහිදී Sehwag සහ Tendulkar අභාදයට ලක්වි ඇති අතර ඔපනින් බැට්ස්මන් ලෙස විරාට් කෝලී කණ්ඩායට කැදවා ඇත.එහිදී කෝලි අර්ධ ශතකයක් රැස්කර ගෙන ජාතික කණ්ඩායමේ තම ස්ථානය ලබාගෙන ඇත.
මෙලෙස සමාජයේ පහලම තතවයේ සිට ඉඅහලටම පැමිණි කෝලි මේවන විට ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වී අවසන්.අසීමිත උත්සහය.නොපසුබස්නා වීර්‍ය නිසා කොලී අද ලොකේ අංක එකේ පිතිකරු බවට පත්වී ඇත එමෙන්ම ලොකයේ සිටිනා වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් තරුවද වී ඇත.මෙම දෙසැම්බර් සුපිරි නිලි අනුශ්කා ශර්මා සමග අතිනත ගත් කෝලිට අපිත් සුභ පතමු

No comments