අලුත් ජම්බු

ඉරාජ්ගේ "දැනුනා" මියුසික් වීඩියෝව නිසා පියුමි හංසමාලිව අත්අඩංගුවට ගනීවිද ?


විල්සන් කරු සහ පියුමි හංසමාලි රංගනයේ යෙදුනු ඉරාජ් වීරරත්නගේ  දැනුනා මියුසික් වීඩියෝව බොහෝ දෙනාගේ  විවේචනයට ලක් වූ මියුසික් වීඩියෝවක් බවට පත් වුණා.

සමාජයෙන් එයට කොතරම් විරෝධයක් එල්ල වුවා ද කියතොත් පියුමි හංසමාලි හට කොරියාවේදී රසිකයන්ගේ කෙසෙල් ගෙඩි ප්‍රහාරයකට පවා ලක් වීමට සිදු වුණා.

මෙයට විරෝධය පෑමට මූලික හේතුව වී තිබුනේ මේ ගීතයේ මියුසික් වීඩියෝව හරහා රටේ ජනප්‍රිය  පුද්ගලයෙකුට අපහාස  කිරීමත් හා ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයේ දර්ශන ඇතුලත් කිරීමයි. ජනතාවගෙන් මෙයට විරෝධය එල්ල වුවත් මේ පිළිඹදව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කිසිවෙක් කටයුතු කලේ නෑ.

නමුත් ඊජිප්තුවේ මේ ආකාරයේම මියුසික් වීඩියෝවකින් කාමුකත්වතව ඉස්මතු වන ආකාරයේ රංගනයක යෙදුනු බව කියන නිරූපිකාවක් පොලිස් අත්අඩංගුවට පත් වී රක්ෂිතබන්ධනාගාර ගත කර තිබෙනවා.

 25 හැවිරිදි ශයිමා අහමඩ් නමැති මේ නිරූපිකාව  අදාළ මියුසික් වීඩියෝවේ දර්ශන මගින් ප්‍රේක්ෂකයින් කාමුකත්වයට පෙළඹවීමට උත්සහ කිරීම  යන චෝදනාව ඇයට එල්ල වී තිබෙනවා 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇය සිය නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ සමාව ගෙන තිබෙනවා.

“මම මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ. ඒවගේම මේ මියුසික් වීඩියෝව මෙච්චර අප්‍රසාදයකට ලක්වෙයි කියලාත් හිතුවේ නෑ” යනුවෙන් ඇය ප්‍රකාශ කරලා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඊජිප්තු අධිකරණය විසින් ගිය වසරේදීද කාන්තා නර්තන ශිල්පිණියන් 03 දෙනෙකුට මාස 06 බැගින් සිර දඬුවම් නියම කර තිබීමයි. එයටද හේතුවී ඇත්තේ ද කාමුකත්වයට පෙළඹවීම යන චෝදනාවයි.

එම සිද්ධියට අදාල මියුසික් වීඩියෝව හා "දැනුනා" මියුසික් වීඩියෝව පහලින් නරඹන්න 





No comments