අලුත් ජම්බු

සංඛ දිනෙත්ගේ YouTube චැනලය අතුරුදහන් වෙයි සංඛගෙන් රසිකයන් වෙත ආයාචනයක්


සංඛ දිනෙත් ශ්‍රි ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. ඉතින් සංඛ දිනෙත් ද හදිසියේ කරදරයක් ගැනයි මේ කියන්න යන්නේ. ගූගල් සමාගමට අනුබද්ධ අයතනයක් වන Youtube සමාගම විසින් සංඛ දිනේත්ගේ Youtube චැනලය ක්‍රියා විරහිත කර ඇති බවට වාර්තා වෙනවා.
විශාල නරඹන්නන් පිරිසක් සිටිය ඔහුගේ මේ Youtube චැනලය අවහිර කිරීම පිළිබඳව අන්තර්ජාලයේ සැරිසරන අය කතා බහ කලේ නම් වැඩි හොදකින් නම් නෙමේ
පසුගිය දා සංඛ දිනේත්ගේ ගීත වල අයිතිය යම් කිසි සමාගමක් වංචනිකව පාවිච්චි කරනව කියල සංඛ දිනෙත් ප්‍රශ්න කරලා තියෙනවා.ඉතින් ඒ සිදුවීමට පසුව තමයි මේ අකරතැබ්බය වෙලා තියෙන්නේ
කෙසේ වෙතත් සංඛ දිනෙත් වැනි කලාකරුවන්ගේ සිය නිර්මාණ අඩංගු youtube චැනල වාරණය වන විට ඉදිරියේදී අනෙකුත් ව්‍යාජ චැනල ගැන කවර කතාද.සංඛ දිනේත්ගේ මේ youtube චැනලය අහිමි වීම පිලිබදව ඔහු සහ තවත් අය පලකල සටහන් කීපයක් පහතින් නරඹන්න.

No comments