අලුත් ජම්බු

හොර කසිප්පු පෙරූ කාන්තාවකගේ ඇඳුම් ගලවා පොලීසිය අත්අඩංගුවට ගත් හැටි


සුරාබදු නිලධාරීන් කණ්ඩායමක්  බිංගිරිය  මොරගොල්ල  නගොල්ලගොඩ ප්‍රදේශයේදී  හොර කසිප්පු ඇති බවට පවසා කාන්තාවන් දෙදෙනෙකුට පහර දී ඇති අතර එක් කාන්තාවක් නිර්වස්ත්‍ර කර තිබෙනවා.

ඊයේ  (19) දින මෙම සිදුවීම හටගෙන ඇති බවට වාර්තා වෙනවා.

කසිප්පු නිවසේ නැති බවට ප්‍රකාශ කල මොහොතේ තම දියණියට පහර දී බිම දිගේ ඇදගෙන ගිය අතර එම අවස්ථාවේදී  දියණියගේ රෙද්ද ගැලවී ගිය බවත් එය නැවත ඇඳගැනීමට පවා එම නිලධාරීන් අවස්ථාවක් ලබා නොදුන් බව නිවසේ සිටි තවත් කාන්තාවක් පවසනවා.

මෙම වැටලීම සිදුකිරීමට කිසිදු කාන්ත නිලධාරිනියක් නොපැමිණි බවත්  ඔවුන් පවසනවා.මවට හා සහෝදරියට පහර දෙන අයුරු වීඩියෝ ගත කිරීමට නිවසේ හිමිකාරියට හැකිව තිබේ.


No comments