අලුත් ජම්බු

කෝටි 10ක් දෙනව නම් ඓශ්වර්යා එනවලු



ඉන්දියාව පමණක් නොව මුළු ලොවම එක් රැයකින් තම වසඟයට ගත් සුරූපිණිය ඓශ්වර්යාරායි විසින් නවතම චිත්‍රපටයක් සඳහා ඉල්ලා සිටි අධික මුදල ගැන මේ වනවිට ඉන්දීය සිනමා ලෝකයේ සුවිශේෂී කතාබහකට ලක්ව තිබෙනවා.

Raat Arudin නමැති 1967 වසරේ තිරගත වූ චිත්‍රපටයක නැවත නිෂ්පාදනයට රංගනයෙන් එක්වීම සඳහායි ඇය මෙම මුදල ඉල්ලා ඇත්තේ.

ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 10ක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

40 හැවිරිදි විය ඉක්මවුවත් සුරූපී ඓශ්වර්යාගේ ඉල්ලුම මෙතෙක් අඩුවී නොමැති බවයි බොලිවුඩයේ ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර ඇයගේ සුරූපී බවට නොදෙවෙනිවන රංගනය ද මෙලෙස අධික මිලක් ඉල්ලා සිටීමට හේතුවන බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

Nargis නම් සුපිරි රංගන ශිල්පිනිය මෙම චිත්‍රපටයේ මුල් රංගනය සිදුකල අතර ඓශ්වර්යා එම චරිතයට සාධාරණයක් ඉටු කරනු ඇති බවද එම වාර්තාවල සඳහන්.

මෙම චිත්‍රපටයේ ඓශ්වර්යා හට ද්විත්ත්ව රංගනයක යෙදීමට ද සිදුවන අතර එයද මෙලෙස අධික මිලක් අයකිරීමට එක් හේතුවක්.

මේ සඳහා ඇයට දැඩි වෙහසක් ගැනීමට සිදුවීම හේතුවෙන් එම අයකිරීමට නිෂ්පාදකවරුන් එකඟවී ඇති බවයි බොලිවුඩ් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් බොහෝ දෙනෙක් මේ වනවිටත් මතපළකර ඇත්තේ මෙම චිත්‍රපටයට ඓශ්වර්යා එක්කරගැනීම තුලින් එහි සාර්ථකත්වය තහවුරු වී ඇති බවටයි.

No comments