අලුත් ජම්බු

කොන්දොස්තර කෙනෙක් බස් එකේ විදෙස් කාන්තාවකට කරපු කැත වැඩක් ලීක් වෙයි


බස් රථයේ අංකය - ND 5998.
බස් පැමිණිලි සදහා දුරකථන අංකය - 0115559595.

මේ ගුවන්තොටුපළ -කොළඹ බස් රථයේ අද හවස 5ට පමණ සිදුවූ සිදුවීමක්.මෙම කොන්දොස්තර මෙම විදෙස් කාන්තාවන් දෙදෙනාගෙන් රුපියල් 200ක් අය කරා.සාමාන්‍යයෙන් ගාස්තුව එක් අයෙකුගෙන් රුපියල් 50ක් පමණ තමයි වන්නේ කොටුවේ සිට ගුවන්තොටුපළ අතර මුළු දුරම ගමන් කරත්.මෙහිදී මෙම කොන්දොස්තර මෙම මගීන්ගෙන් මුදල් ඉල්ලුවේ කපුවත්ත සහ ජාඇල අතරදීයි.මෙම විදෙස් කාන්තාවන් දෙදෙනා පුන පුනා කීවත් රුපියල් 200ක් නොවේ රුපියල් 100ක් ප්‍රමාණවත්් කියා කොන්දොස්තර කනකට වත් ගත්තේ නැහැ . 

පසුව එම කාන්තාව ටිකට්පතක් ඉල්ලුවත් ඔහු ලබාදුන්නේ නැතිව මගහැර ඉදිරියට ගියා.මා එම අවස්ථාවේදී මෙය වීඩියෝ ගත කර සිටියා මිසක කොන්දොස්තර වරයාට දොස් තැබුවේ නැත්තේ ඔහු වගේම තව වැරදි කරන කොන්දොස්තරලගේ හැටි රටට කියාදෙන්නයි.මෙවැනි මිනිසුන් නිසා තමයි විදෙස් සංචාරකයන් අපේ රටේ සංචාරය කරන්න බයවෙන්නේ.. මම බසයෙන් බැස මේ ගැන බස් රථ හිමිකරුවෙකුගෙන් විදෙස් සංචාරකයන් සදහා සාමාන්‍ය බස් රථ වල වැඩිපුර අය කරගන්නවාද යන්න විමසා බැලූ අතර ඔහු කියා සිටියේ එසේ ගාස්තු වැඩි කිරීමක් විදෙස් සංචාරකයන් සදහා අය කරන්නේ නැති බවත් කොන්දොස්තර මහත්තයා වරදක් කර ඇති බව‍යි.මෙය route permit එක සම්බන්ධයෙන් පවා බලපෑමක් කල හැකි බව ඔහු පැවසූවා.

අදාල වීඩියෝව පහතින් 



No comments