අලුත් ජම්බු

දුෂ්මන්ත ලක්ෂ 50කට ඉන්දියාවට විකිණෙයි


2018 ඉන්දීය ප්‍රිමිය ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට අදාලව පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවෙන් අලෙවි වූ දෙවන ක්‍රීඩකයා බවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පත්ව තිබෙනවා.

රාජස්ථාන් රෝයල් කණ්ඩායම විසින් ඔහු මිලදී ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී දුෂ්මන්ත චමීර අලෙවි වී ඇති මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් බව සඳහන්.

මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය වෙන්දේසියේදී අලෙවි වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක මුදලකට ඔහු මිලදී ගනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

මේවර වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18 දෙනෙකු ඉදිරිපත් වී සිටියා.

No comments