අලුත් ජම්බු

ආදරය හා රාගය අතර වෙනස පින්තූර වලින් බලමුද?


ආදරය හා රාගය ගැන විවිධ පුද්ගලයන් එකිනෙකට වෙනස් විවිධාකාර අදහස් ප්‍රකාශ කරනවා නේ. සමහරුන්ට අනුව නම් රාගය කියන්නේත් ආදරයේ එක්තරා කොටසක්. ඒ කතාවේ ඇත්තක් නැතුවම නෙවේ. හැබැයි ආදරය සෙනෙහස මුලික කරගත් බැඳිමකයි රාගය මුලික කරගත්ත බැඳිමකයි පැහැදිලි ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අපි කතා කරන්නේ. ඔක්කොටම කලින්  පහත පින්තූර ටික බලලාම ඉමුකෝ.

ඔබ ආදරය කරන කෙනාට ඇඳේ ඉන්න විට විතරක්ම නැතුව එයා සාමාන්‍ය විදිහට ඉන්නකොටත් ඔයාට කට ඇරලා ආදරෙ කියන්න පුලුවන්නම් අන්න එතන තියෙන්නෙ ආදරය.

ආදරේ කියන්නෙ මල් කලඹක් දෙන එකක් තෑග්ගක් විතරක් දෙන එකක්ම නෙමෙයි.එයාගේ ඕනෑ එපාකම් ගැන හොයල බලන එකත් ආදරය.

බොරුවට එයාගෙ දේවල් වලට හිනාවෙනවට වඩා ඇත්තම කියනවනම් එතන තියෙන්නෙත් ආදරය

කටින් කියනවට වඩා පුංචි දේවල් උනත් කරලම පෙන්නන්න පුලුවන්නම් එතන තියෙන්නෙත් ආදරය

රාගය ආශාවන් මත රඳා පවතිනකොට ආදරය රඳා පවතින්නේ කැපවිම හා පරිත්‍යාගය මත. ආදරය හදවත ට දැනෙන ආත්මය පිනවන හැඟීමක් වුනාට රාගය පිනවන්නේ ඉදුරන්. අන්න එතැන දි තමයි ආදරය රාගයෙන් වෙනස් වෙන්නේ. 

No comments