අලුත් ජම්බු

මහේලත් දික්කසාද වෙයි ?


ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහි වූ අග්‍රගන්‍ය පිතිකරුවෙකුවන මහේල ජයවර්ධන සිය බිරිඳගෙන දික්කසාද වී ඇති බව වාර්තා වේ.
ඔහු එලෙස දික්කසාදවීමට තීරණය කර ඇත්තේ වසර 13ක් විවාහ ජීවිතයක් ගත කිරීමෙන් අනතුරු ව ය.
මහේලගේ නායකත්වය යටතේ එක්දින සහ 20-20 ලෝක කුසලාන දෙකක දී නායකත්වය දරා ශ්‍රි ලංකාවට අනුශුරතාව දිනා දීමට සමත් විය.
ඔහු විවාහ වී සිටියේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ ක්‍රිස්ටිනා සිරිසේන සමග ය. ක්‍රිස්ටිනා සිරිසේන ශ්‍රී ලාංකික පියෙකුට (ගාමිණි සිරිසේන) ඩෙන්මාර්ක ජාතික මවකට දාව ඩෙන්මාර්කයේ උපත ලබා ඇත. පසුව ඔවුන් සිය පවුල සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති අතර මහේලට ක්‍රිස්ටිනා හමුව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දී ය. ඔවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක් ද සිටී.
දික්කසාදයෙන් පසුව දියණියගේ හිමිකාරීත්වය මහේලට නොඑසේ නම් ද ක්‍රිස්ටිනාට ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
ඔවුන්ගේ ඡායාරූප පහතින්…..





No comments