අලුත් ජම්බු

නිළමැස්සෙකුගේ පිහිටෙන් මිනී මැරුමෙන් නිදහස ලබාගත් පුද්ගලයෙකු පිළිබද විශ්මිත කතාව


වයස දාහතරේ දී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලද්දකුට සිය පනස් පස් වැනි වියේදී එම චෝදනාවෙන් නිදොස් ව නිදහස් වීමට නිළ මැස්සකුගේ සාක්ෂියක් වැදගත් වුයේ යැයි පැවසුවහොත් එය කිසි​ෙවක් පිළිනොගන්නවා ඇත. නිල මැස්සකු කෙසේද මරණයක් පිළිබඳ සාක්ෂි සපයන්නේ? විශේෂයෙන් වසර හතළිස් එකකට පසුව එය කෙසේ සිදුවිය හැකිද? එය කළ හැකි වූයේ කීට විද්‍යාවේ දියුණුව නිසාය. එසේ කීවද අපට මෙය මැජික් වැනිය. මන්ද අපේ​ රටේ මෙතෙක් එවැනි අත්දෑකිමක් අසන්නට ලැබී නැති නිසාය.
කීට විද්‍යාව අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී යොදා ගැනීමට සිදුවන්නේ වෙනත් සාක්ෂි මගින් යම් මරණයක් සිදුවූ වේලාව හෝ ආකාරය තහවුරු කර ගැනීමට නොහැකි වූ හා කීට විද්‍යාව යොදාගත හැකි සාක්ෂියක් මළ සිරුර හා සම්බන්ධව පැවති තත්ත්වයක් තුළය. එහෙත් අපේ රටේ අති බහුතරයක් මරණ සම්බන්ධයෙන් කරන පශ්චාක් මරණ පරීක්‍ෂණවල දී වෙනත් කාරණා මගින් සාක්ෂි තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ නිසා කීට විද්‍යාව යොදා ගැනීමේ අවශ්‍යතාවක් බරපතළ ලෙස මතුවී නැත. මේ කතාව අපට හමුවන්නේ ස්විට්සර්ලන්තයෙනි.
අපි ඔහු මයිකල් යන නමින් හඳුන්වමු. මයිකල් දාහතර හැවිරිදි පාසල් සිසුවෙකි. පාසල පිහිටියේ ඔහුගේ නිවසට නුදුරෙනි. නිවාඩු දිනවලදී පවා ඔහු ක්‍රීඩා කිරීමට අවශ්‍ය වූ විට සිය පා පැදියෙන් පාසලට පැමිණේ. 1959 ජුනි 09 වැනි ද‌ාද නිවාඩු දිනයක් විය. එද‌ාත් සුපුරුදු පරිදි මයිකල් පාසලට පැමිණ ක්‍රීඩා කළේය. ජෙනී නමැති සිය පාසලේම ඉගෙනුම ලබන සිසුවියකද ක්‍රීඩා කිරීම සඳහා පැමිණ සිටිනු මයිකල් දුටුවේය. ක්‍රීඩා පුහුණුවීම් අවසන් කළ මයිකල්, නිවසට යාමට පිටත් වූයේ පස්වරු හතට පමණය. ඒ අවස්ථාවේ මයිකල් වෙත පැමිණි ජෙනී තමාව ද නිවසට ඇරලවන්නැයි ඉල්ලා සිටියාය.
ජෙනී තමන්ගෙන් මේ උදව්ව ඉල්ලා සිටීම තමන්ට කරන ගෞරවයක්, තමන් කෙරෙහි විශ්වාසය තැබීමක් ​ෙස් ඔහු සළකන්නට ඇත. මයිකල් ඒ උදව්ව කැමැත්තෙන්ම කළේය. ජෙනී ඉල්ලා සිටි පරිදි ඇයව නිවස ආසන්නයේ මංසන්ධියක බස්සවා මයිකල් ආපසු ආවේය. ජෙනීව ඇරළවා සිය නිවසට එන්නට පිටත් වූ මයිකල් ඇය ගියා දැයි බැලීමට මෙන් ආපසු හැරී බැලීය. කොහේදෝ සිට පැමිණී සුදු පැහැති කාරයකට ජෙනී ගොඩවනු මයිකල් දුටුවේ එවිටය. එහෙත් ඒ ඇගේ පවුලේ කෙනෙක් වන්නට ඇතැයි සිතු මයිකල් ඒ ගැන වැඩිදුර සිතන්නට ගියේ නැත. ජෙනීව දකින අවසන් අවස්ථාව මෙය බව මයිකල් සිහිනෙකින්වත් සිතුවේ ද නැත.
එහෙත් එද‌ා රාත්‍රියේ ජෙනී නිවසට පැමිණ නැත. ජෙනීගේ නිවසේ අය කලබලයට පත්ව ඇය සොයා දසත ඇවි ද ගියහ. පොලිසියට පැමිණිලි කළහ. පොලිසිය ද පරීක්ෂණ සිදුකළත් දින දෙකක් ගතවන තුරු කිසිදු සාක්ෂියක් නොලැබිණ. දෙදිනකට පසු ජෙනීගේ ප්‍රාණය නිරුද්ධ නිරුවත් සිරුර ඇය මයිකල්ගෙන් සමුගත් මංසන්ධියත් ඇගේ නිවසත් අතරමග වන ළැහැබක තිබී පොලිසිය විසින් සොයාගනු ලැබිණ. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය ගෙල මිරිකා ඝාතනය කර ඇති බව තහවුරු විය. ගෙලෙහි තුවාල හැරුණුකොට වෙනත් කිසිදු තුවාලයක් දක්නය ලැබුණේ නැත.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇයගේ සිරුරේ මතුපිට නීරික්ෂණයන්හි දී සිරුරේ ජීවන චක්‍රයේ අවස්ථා කීපයක් නිරූපණය කරන කෘමීන් වර්ග දෙකක් සොයා ගැනීමට හැකි විය. මෙම කෘමීන් නිල මැස්සන් ලෙස හඳුනා ගැනිණ. නිල මැස්සාගේ ජීවන චක්‍රයේ ප්‍රථම අවස්ථාව පිලවාය. මෙවැනි පිලවුන් කීප දෙනෙක්ද, බිඳී ගිය බිත්තර කීපයක්ද, බිත්තර දැමීමට පැමිණි වැඩිහිටි මැස්සන් කීප දෙනෙක් ද සිරුරේ තිබී සොයා ගනු ලැබිණ.
සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මිය ගිය විගස කෘමීන් එයට ඇඳී එන්නේ රුධිරය හා සිරුරෙන් නිකුත් වන වෙනත් රසායනික ද්‍රව්‍ය නිසාය. මෙසේ ඇඳී එන කෘමීන් නැතහොත් මැස්සන් බිත්තර දැමීම හෝ පිලවුන් බිහිකිරීම අරඹයි. ඒ මළ සිරුරක ඉතාමත් තුනී සමක් පවතින මුඛය, ගුද මාර්ගය, නාසය, ඇස්. කන් හා ලිංගාශ්‍රිත ප්‍රදේශවලට. ඒ නිසා ජෙනීගේ සිරුරේ තිබී සොයාගත් නිලමැස්සන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා යමක් තහවුරු කර ගැනීමට සාක්ෂියක් ලෙස යොද‌ා ගැනුණේ නැත. එහෙත් අධිකරණ වෛද්‍යවරයා මේ සියල්ල සිය සටහන්වලට එකතු කළේය. ඡායාරූප ලෙසද ඒවා සිය වාර්තාවට එක් කළේය.
ජෙනී පාසලේ සිට රාත්‍රී හතත් හතයි තිහත් අතර කාලයේ තමන් විසින් නිවස ආසන්නයට ගෙනත් ඇරලවූ බව මයිකල් පොලිසියට කට උත්තරයක් දෙමින් කියා සිටියේය. එසේ නම් ජෙනී නිවසට නොගොස් කොහි ගියේ ද? ඇය ඝාතනය කළේ කවුරුන් ද? කොයි වෙලාවෙ ද? යනාදී ප්‍රශ්න රැසක් මරණ පරීක්ෂණයේ දී මතු විය. ඒ සඳහා සාක්ෂි ලබාගත හැකි කිසිවෙක් නොවිණ. ඒ අනුව ඇගේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කපා පරීක්ෂණ ඇරඹීය. ඇ​ෙග් ආමාශය හිස්ව නැතත් එහි තිබුණේ ඉතා කුඩා ආහාර ප්‍රමාණයක් පමණක් බව දැකගත හැකි විය. එ් අනුව ඇයගේ ආමාශය හිස්වීම ඇරඹී ඇති බව තහවුරු විය.
සාමාන්‍යයෙන් දියර ආහාර හෝ හොඳින් අඹරාගත් ආහාර ද්‍රව්‍ය ඉතා ඉක්මනින් ජීර්ණය වේ. එසේම මධ්‍යසාර භාවිතය හා අධික ලෙස මේදය සහිත ආහාර ගත් විට මේ කාලය තරමක් දීර්ඝ කරයි. එසේ නොමැති සාමාන්‍ය තත්ත්වයක් යටතේ ආහාර ජීරණයට පැය 6 – 8 කාලයක් ගත වේ. ජෙනීගේ ආමාශයේ ආහාර ඉතා කුඩා ප්‍රමාණයක් තිබීම පසුව ගත් ආහාරයක් විය හැකිය. ඇගේ දෙමාපියන් පවසන පරිදි ඇය දිවා ආහාරය ගෙන තිබෙන්නේ එදින පෙරවරු 11.30ට පමණය. එහෙත් ඉන් පසු ඇය නිවසින් පිටත දී ආහාර ගත්තාද? නොගත්තා ද? යන්න දන්නා කිසිවෙකුත් සිටියේ නැත. දෙමාපියන් පැවසු වෙලාවට ඇය අවසන් වරට ආහාර ගත්තේ යැයි නිගමනය කළ වෛද්‍යවරු ඒ අනුව ජෙනී මරණයට පත් වන්නට ඇත්තේ පස්වරු 7.00ත් 7.30 අතර කාලයේ දී විය හැකි බවට නිගමනය කළේය.
එහෙත් ඒ කාලය තුළ ජෙනී සිටියේ මයිකල් සමගය. මයිකල් දුන් කට උත්තරය අනුව ඔහු ඇයව නිවස ආසන්නයටම ගෙනත් ඇරලවා ඇත. ඒ හතත්, හතයි තිහත් අතර කාල​ෙය්දීය. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමනය අනුව ඇය මියගොස් ඇත්තේද මේ කාලය තුළය. මේ නිසා සැකය මයිකල් වෙත කැරකෙන්නට විය. ජූරි සභාවක් ඉදිරියේ දීර්ඝව පැවති නඩු විභාගයකින් පසුව මයිකල් වරදකරු කෙරිණි. හේ එල්ලා මැරීමට නියම විය. එහෙත් අභායාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් මයිකල්ට පැනවු දඬුවම පමණක් ලිහිල් විය. එනම් ඔහු මරණ දණ්ඩනයෙන් නිදහස් කර වසර දහයක සිරදඬවමක් නියම විය. යහපත් කල් ක්‍රියාව නිසා වසර දහය ඉක්මයාමට පෙර බැඳුම්කරයකට යටත්ව මයිකල් බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබිණ.
තම ගම් ප්‍රදේශය අත්හැර වෙනත් ප්‍රදේශයක පදිංචියට ගිය මයිකල් සිය නමද වෙනස්කරගෙන ජීවත් විය. විවාහ වී දරුවන් තිදෙනකුට පියකු වූ මයිකල්ට තමන්ට එල්ල වූ අසාධාරණ ​ෙචා්දනාවෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමේ අවශ්‍යතාව තදින් දැනිණ. තම නමට පවතින චෝදනාවලින් පිරිසිදු වීමේ අවශ්‍යතාවක් මතුවිය. ඒ අනුව පනස් පස් වැනි වියේදී එනම් ජෙනී ඝාතනයට ලක්ව වසර හතළිස් එකකට පසුව මයිකල් නැවත අභියාචනයක් සිදු කළේය. ඔහු තමන් වෙනුවෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥයකුගේ සහය ලබාගත්තේය. මේ අධිකරණ වෛද්‍ය විශේෂඥයා නම් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාය.
ජෙනී තමන්ගෙන් මේ උදව්ව ඉල්ලා සිටීම තමන්ට කරන ගෞරවයක්, තමන් කෙරෙහි විශ්වාසය තැබීමක් ​ෙස් ඔහු සළකන්නට ඇත. මයිකල් ඒ උදව්ව කැමැත්තෙන්ම කළේය. ජෙනී ඉල්ලා සිටි පරිදි ඇයව නිවස ආසන්නයේ මංසන්ධියක බස්සවා මයිකල් ආපසු ආවේය. ජෙනීව ඇරළවා සිය නිවසට එන්නට පිටත් වූ මයිකල් ඇය ගියා දැයි බැලීමට මෙන් ආපසු හැරී බැලීය. කොහේදෝ සිට පැමිණී සුදු පැහැති කාරයකට ජෙනී ගොඩ​ෙවනු මයිකල් දුටුවේ එවිටය. එහෙත් ඒ ඇගේ පවුලේ කෙනෙක් ​ෙවන්නට ඇතැයි සිතු මයිකල් ඒ ගැන වැඩිදුර සිතන්නට ගියේ නැත. ජෙනීව දකින අවසන් අවස්ථාව මෙය බව මයිකල් සිහිනෙකින්වත් සිතුවේ ද නැත.
හෙතෙම මේ ඝාතනය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවත් ඒ හා සම්බන්ධ අනෙකුත් ලිපිගොනු සියල්ලත් මහත් පරිශ්‍රමයෙන් පිරික්සා බැලුවේය. මයිකල් බේරා ගැනීමට නම් මේ මරණය සිදුව තිබෙන්නේ මයිකල් සමඟ ගත කළ කාලය තුළ නොවන බවට තහවුරු කළ යුතුව ඇති බව හේ දුටුවේය. ඒ සඳහා සාක්ෂි සපයා ගත හැක්කේ කුමකින්දැයි පිරික්සා බැලු අධිකරණ වෛද්‍යවරයාට කෘමීන් පිළිබඳ වාර්තාව ඇස ගැටිණ.
ඒ අනුව කීට විද්‍යාඥයකුගේ සහය ලබාගැනීමට ඔහු තීරණය කළේය. ජෙනීගේ සිරුර සොයා ගන්නේ දින දෙකකට පසුවය. ඇය කිසිවකු සමඟ මෝටර් රථයක ගමන් කරනු මයිකල් දැක ඇත. එසේ නම් ඇය අවසන් වරට ආහාර ගත් වෙලාව සේ දෙමාපියන් පවසන වෙලාවම සත්‍ය නොවීමට ද ඉඩ ඇත. ඇය වෙනත් කිසිවකු සමග ගොස් පිටතින් යම් ආහාරයක් ගත්තා ද විය හැකිය. ඒ නිසා ආහාර ජීරණය වීමට ගත වූ කාලය ගණන් බැලීමෙන් මරණය සිදුව ඇති කාලය නිර්ණය කිරීම සාධාරණ නොවන බවට අධීකරණ වෛද්‍යවරයා අධිකරණය හමුවේ තර්කයක් ඉදිරිපත් කළේය.
කීට විද්‍යාඥයා වෙනත් පැත්තකින් තමන්ගේ පරීක්ෂණය ආරම්භ කළේය. ජෙනීගේ සිරුරේ තිබි හමුවූ කෘමින් වර්ග දෙකක ජීවන චක්‍රය විවිධ අවස්ථා ගැන අධ්‍යයනය කළ මේ විද්‍යාඥයා සිරුර හමුවූ ස්ථානයට ගියේය. ඒ​ ජෙනී බරට සමාන ඌරන් දෙදෙනකු ද සමගය. රාත්‍රි හතට පමණ එම ස්ථානයට ගිය විද්‍යාඥයා ඌරන් දෙදෙනා මරා ජෙනීගේ සිරුර හමුවූ අවස්ථාවේ තිබු ඉරියව්වෙන්ම තැබුවේය. ඒ අවට ආරක්ෂාවද යදු විද්‍යාඥයා දින දෙකක් ගතවන තුරු මේ සිරුර පරීක්ෂා කරමින් එහි රැඳී සිටියේය. එහි දී ජෙනී මිය යන විට තිබු පරිසර තත්ත්වයන් යටතේ මේ පරීක්ෂණය සිදු කිරීමට ද පරෙස්සම් විය.
ජෙනීගේ මෘත ශරීරය සොයාගත් වේලාවට ඌරන්ගේ මෘත ශරීර පරීක්ෂා කළ විද්‍යාඥයාට ඌරන්ගේ සිරුරවලින් අඩක් වැසී යන ආකාරයට පිලවුන් වර්ධනය වී තිබෙනු දැකිය හැකි විය. ඒ බොහොමයක් පිලවුන් දෙවන පිලවා අවස්ථාවට පත්ව සිටියහ. එහෙත් ජෙනීගේ සිරුරෙන් සොයාගත් පිලවුන් ප්‍රථම පිලවා අවස්ථාව පමණක් පෙන්නුම් කර තිබිණ.
ඌරන්ගේ සිරුරුවල ප්‍රථම අවස්ථාව දැකිය හැකි වූයේ ඌරන් මරා දැමූ පසු එළැඹි පළමු දිනයේ උදය වරුවේය. ඒ අනුව ජෙනී ඝාතනයට ලක්ව තිබෙන්නේ ඇය අතුරුදන් වූ දිනයට පසු දින එනම් 1959 ජුනි 10 වැනි ද‌ා උදයවරුවේ බව කීට විද්‍යාඥයා පෙන්වා දුන්නේය.
ඒ නිසා ජෙනීගේ සිරුරෙන් සොයාගත් කීටයන් ජුනි 10 වැනි ද‌ා උදයේ ඇගේ සිරුරේ දැමු බිත්තරවලින් එදින රාත්‍රියේ ප්‍රථම පිලවා අවස්ථාවට පැමිණි පිලවුන් බව තහවුරු කිරීමට ඔහුට හැකි විය.
ඒ අනුව කලින් ජෙනී මිය ගිය බවට නිගමනය වී තිබූ වේලාවේ නොව ඇය මියගොස් තිබෙන්නේ ඊට පසුදින බවට අධිකරණය පිළිගත්තේය. මේ වැදගත් සාක්ෂිය සමඟ මයිකල් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණ අතර ඔහුට විඳින්නට සිදුවූ දඬුවම් සම්බන්ධයෙන් අධිකරණය සමාව ඉල්ලා සිටිනු ලැබිණ.
අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන්
සටහන: මුදිතා දයානන්ද

No comments