අලුත් ජම්බු

ලංකාවම බලා සිටි පෙට් ස්කෑන් යන්ත්‍රය කටුනායකට


"පෙට් ස්කෑන් යන්ත්‍ර"  පසුගිය කාලයේ මහත් කතා බහට ලක් වූ මාතෘකාවක්. ලංකාවේ පිළිකා රෝගීන්ට අවශ්‍යව තිබු මෙම යන්ත්‍රය මිලදී ගැනීමට මනුසත් දෙරණ හා ටීවී දෙරණ මගින් තම වටිනා ගුවන් කාලයද කැප කරමින්  මුදල් රැස් කල අතර මේ සඳහා අවශ්‍යව තිබූ කෝටි 20ක මුදල ලංකාවේ පරිත්‍යාග ශිලීන්ගේ එකමුතු කමින් ඉතා ඉක්මනින් රැස් කරගැනීමට හැකියාව ලැබුණා.

මෙම මුදල් ඉක්මනින් රැස්  කලද එම යන්ත්‍රය ලංකාවට රැගෙන ඒමට ප්‍රමාද වූ අතර බොහෝ පිරිස් මෙයට දෝශාරෝපනද එල්ල කරනු දක්නට ලැබුනා.කෙසේ වෙතත්  21 වන ඉරිදා උදෑසන 7ට පමණ කටාර් රාජ්‍යට අයත් QR 8642 දරන ගුවන් යානයෙන්  පෙට් ස්කෑන් යන්ත්‍රය කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මහරහම පිළිකා රෝහලේ ඉදිකරන නව ගොඩනැගිල්ල තුල පෙබරවාරි මස අවසානයේදී මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීමට නියමිත අතර මාර්තු මස මුල සිට  එහි සේවාව ලබා දීමට නියමිතයි.

මේ යන්ත්‍රය මගින් ලංකාවේ සියලු පිළිකා රෝගීන්ට පිහිටක් වී ඔවුන්ට ඉක්මන් සුවය ලැබීමට හැකියාව ලැබේවායි අපි පාර්ථනා කරමු.





No comments