අලුත් ජම්බු

ප්ලාස්ටික් සහල් අනුභව කල පවුලක් රෝහල් ගත කරයි


ප්ලාස්ටික් සහල් කතාව මීට ටික කාලයක පෙර ලැව් ගින්නක් සේ පැතිරුනා.මේ  කතාව සමහරු නම් ඇත්ත කියලා පිළිගත්තා සමහර අය නම් මේක බොරුවක් කියලා තමා තාමත් විශ්වාස කරගෙන ඉන්නේ.ඒ වුනත් ලංකාවේත් දැන් චීන බඩු හරි හරියට තියෙන හින්දා ටිකක් විමසිලිමත් වුනොත් හොදයි.
ඉතින් අද දවසේ අපිට ඉතාලියේ පැත්තෙන් ආරංචි වුනා මව, පියා සහ දරුවන් දෙදෙනෙක් ඉන්න ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලක් මේ ප්ලාස්ටික් සහල් ආහාරයට ගැනීමෙන් රෝහල් ගත කර ඇති බවට.
මේ පවුල වාසය කරන්නේ ඉතාලියේ ජිනොවා නගරයේ පසුගිය සදුදා තමයි මේ කරදරේ වෙලා තියෙන්නේ.නගරයේ ඇති චීන වෙළද සලකින් ගෙනා සහල් ආහාරයට ගැනීමෙන් පසුව බඩ පිපුමට ලක් වී ඇති අතර පසුව වමනය කර ඇත.පසුව ඔවුන් වහාම රෝහලට ගොස් ඇත. පසුව මෙම සහල් කබලේ බැද පරික්ෂා කර තිබෙනවා එවිට ගිනි ගෙන මුළු නිවසම ප්ලාස්ටික් ගද වහනය වූ බවයි රෝගී වූ මේ කාන්තාව පවසන්නේ.
ඉතාලියේ පොලිසිය සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ආයතන විසින් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.අදාල වීඩියෝව පහතින් නරඹන්න.


No comments