අලුත් ජම්බු

මහ රෑ පිටකොටුවේ වීදිවල මුදලට විකිනෙන වීදී ගණිකාවන්


පිටකොටුවේ සැරිසරන නිශාචර වීථී ගණිකාවන්ගේ මායම් දැලට පැටලෙන සල්ලාල පිරිමින්ගේ සබ්බ සකලමනාව සුද්ධ කරන හැටි පසුගිය සතියකදී අපි සටහන් කර තැබුවෙමු. දැන් අප මේ සූදානම් වන්නේ එම ලිපියේ තවත් දිගුවක්‌ සටහන් කර තැබීමටය. දිනය පසුගිය සිකුරාදාවකි. වේලාව මැදියම් රැය පසු වී තිබිණි. සඳ කිරණින් කොළඹ අහස ඒකාලෝක වී තිබිණි. විදුලි බුබුළු නිවී ගිය කළුවර වීථීවලට ද පහනක්‌ වී ඇත්තේ ගොඩනැඟිලි අතරින් බේරෙන සඳ කිරණ පමණි. මල්වත්ත පාරේ ගමන් සගයා කැටුව අපි වීථී දිගේ පිය මැන්නෙමු.
මහ රෑ පිටකොටුවේ වීථී සංචාරය කිරීමට විශේෂයෙන්ම සිකුරාදා දවසක්‌ යොදාගැනීමට ද හේතුවක්‌ තිබිණි. එනම් නගරයේ රැකී රක්‍ෂා කරන මිනිසුන් සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා පිටත්වීම සඳහා සිකුරාදා රාත්‍රියට පිටකොටුව බස්‌ නැවතුමට මෙන්ම කොටුව දුම්රිය නැවතුම්පළට එක්‌රොක්‌ වන නිසා. පිටකොටුව ගුණසිංහපුර සහ බැස්‌ටියන් මාවතේ පිහිටි බස්‌ නැවතුම්පළවලින් රාත්‍රියට බස්‌ රථ ධාවනය වන්නේ පැයකට එකක්‌ වගේය. පර්යන්තයට අදාළ බස්‌ රථය එනතුරු වේළෙන මගීහු කාලය කා දමන්නට අඟර, දඟර මුකුළු පාමින් වීථී දිගේ සක්‌මන් කරන රෑ මනමාලියන් ළඟට කිට්‌ටු කරන්නාහ. ඒ ඇසිල්ලට ඇස්‌ කොණින් බලා දත් විරිත්තා සිනාසෙන ගණිකාව ‘යමුද…’ පිළිතුරක්‌ නැති මගියා ඇඹරෙති. මොහොතක්‌ ගත වන විට ගණිකාවගේ හැට මායම්වලට පිරිමියා දපනේ වැටෙති. අනතුරුව වීථී මායම්කාරියට ඕනෑ අයුරින් මගියාව නටවති. පිටකොටුවේ රෑ මනමාලියන්ට බිස්‌නස්‌ වැඩිම දවස ද සිකුරාදාය. අපට ඒ බව පැවසුවේ මල්වත්ත පාරේ අපගේ සගයාය. කතාබහ අතරතුරේ අපි මල්වත්ත පාරේ ඇතුළේ තිත්ත කළුවර වීථීයක්‌ දිගේ ගමන් කරමින් සිටිමු.
‘කොටුව ස්‌ටේෂන් එක ඉස්‌සරහා ඉන්න ගෑනුන්ට සෙට්‌ වෙන පිරිමින්ව වැඩියෙන්ම දක්‌කන්නේ මේ ලේන් එකට. මේකේ මුල්ලකට ඇතුළු වුණහම රූම් එකකට ගියා වගේ තමයි. අඩුවටක තියෙන්නේ අවශ්‍ය කොටස්‌ හෝද ගන්න වතුර නැති එක විතරයි. මේ ළඟත් එහෙම පොට්‌ එකක්‌ තියෙනවා. කපල් එකක්‌ ඉන්නවද කියන්න බෑ…’ ඔහු දෙපා පමා කළේය. මම ඔහු අනුගනමය කළෙමි.
‘අපි තැන පහු කරගෙන ආවේ. කවුරුවත් හිටියේ නෑ…’ ඔහු නැවත ආපස්‌සට හැරී පියවර කිහිපයක්‌ පැමිණ අත රැඳි ජංගම දුරකථනයේ µEෂ් ලයිට්‌ එක දල්වා උස්‌ ගොඩනැඟිලි දෙකක්‌ අතර කපොල්ලක්‌ මට පෙන්නුවේය. පෙර ඔහු කියූ කතාව සැබෑය. පිටකොටුවේ ලොඡ් කාමරයකටත් වඩා හොඳය. පිටකොටුවේ බොහෝ ලොඡ්වල කාමර වෙන් කර ඇත්තේ ඝණකම් කාඩ්බෝඩ්වලිනි. යකඩ ඇඳක්‌ තිබේ. ඇඳ ඇතිරිලි, කොට්‌ට මේට්‌ට හත් අවුරුද්දකින් පිරිසිදු කර නැති ගානය. සමහර ලොඡ් කාමරවල යකඩ ඇඳවත් නැත. ඒ වෙනුවට ඇත්තේ ප්ලාස්‌ටික්‌ පැදුරු කඩමාල්ලක්‌ සහ නාඹර බැඳුණු ඇතිරිල්ලක්‌ පමණි. ඇඳුම් එල්ලීමට බිත්තියේ බෝල කූඩුවක්‌ එල්ලා තිබේ. කාමරයෙන්, කාමරයට බාත්රූම් නැත. මුළු ලොඡ් එකටම තියෙන්නේ විවෘත බාත්රූම් දෙක තුනක්‌ පමණි. දැන් අප දකින මල්වත්ත පාරේ වීථීයේ කපොල්ල තුන් පැත්තකින් සිමෙන්ති ගඩොලෙන් ආවරණය වී ඇත. ඇඳන්, විදුලි පංකා නැති වුණාට මේ තැනට රුපියල් හත් අටසිය මුදල් ගෙවන්න ඕනෑ නැත. අත් කරත්ත මත තිබෙන කාඩ්බෝඩ් කෑල්ලක්‌ එලාගත් විට පිටකොටුවේ ලොඡ් කාමරයක්‌මය.
අපි ඒ කපොල්ල ඇතුළට ගියෙමු. මොහොතකට පෙර අපේ ගමන් සගයා කියන ජාතියේ ජෝඩුවක්‌ ඉඳලා ගිය බවට සාධක ඕනෑවටත් වැඩිය. තවත් එතැන රැඳීමෙන් ඵලක්‌ නැති තැන නැවතත් අප කළුවර වීථීය දිගේ ඉදිරියට ඇවිද ගියෙමු. සේයාගේ ඝාතකයාට මරණ දඬුවම නියම වූ හැටි… පිටකොටුවේ බිස්‌නස්‌ ලොස්‌ වෙලා තියෙන හැටි… පිටකොටුව නැවත කුණු ගඳගහන එක ගැන… ගමන අතරතුරේ යෙදී සිටින කර්තව්‍යයෙන් බැහැරව රටේ විත්ති ද අප අතර මාතෘකා විය.
‘ඔළුවක්‌ එළියට ආවා දැක්‌කද…’ ගමන් සඟයා ගමනේ වේගය අඩු කළේය. ඔහු දුටුව හිසේ ඡායාව මගේ දෙනෙත්හි ද පැටලිණි.
‘අපි කිට්‌ටු කරලා බලමුද…’ සගයාගෙන් යෝජනාවකි.
පියවර කිහිපයක්‌ ඉදිරියට ගොස්‌ මනුස්‌ස පරාණය එබිකම් කළ තැන නතර වීමු.
එබිකම් කළ රුව අපව දුටු විට දොරුව අතර ගල් විය.
මගේ සගයා අත රැඳි ජංගම දුරකථනයේ µEෂ් ලයිට්‌ එක ඔහු දෙසට ඇල්ලුවේය. බැලූ බැල්මට ඔහු කුමක්‌ හෝ අකරතැබ්බයකට ගොදුරු වී ඇති සැටිය. ඇඳ සිටි ඇඳුම්වල කුණු දූවිලිය. දෙපා මුල තරමක්‌ විශාල ගමන් බෑගයකි. කොණ්‌ඩය කොටට කැපූ, මුහුණ පුරා කටු රැවුල වැවී ඇති කඩවසම් තරුණයෙකි.
මල්ලි මොකක්‌හරි කරදරයක්‌ද…? මගේ සගයාගේ බැරෑරුම් හඬින් ඔහු වික්‍ෂිප්ත විය.
‘මං… මේ…’ ඔහුගේ මුව ගොත ගැසිණි.
‘හරි… හරි… හිමින් සැරේ කියහං… වෙලා තියෙන දේ අපිට තේරෙනවා. මේ අපේ ඒරියා එක…’ මගේ සගයා ගෙම්බර් පාට්‌ එකක්‌ දැම්මේය. ඔහුගේ කතාව සැබෑය. අපගේ ගමන් සගයා පදිංචිව සිටින්නේ මල්වත්ත පාරේ අතුරු පාරක තට්‌ටු නිවසකය. මේ ඔහු උපන් ගමය. වැලි කෙළියේ සිට වීථී දිගේ ඔට්‌ටු තියපු ඔහු ගෙන්දගම් පොළවට වැටෙන වැලි කැටය ද හොඳින් දන්නේය.
‘මම මාර අවුලක වැටුණා. පුංචි ආතල් එකක්‌ ගන්න මේ පැත්තට ආවා. ගෑනි මගේ ෙච්න් එක කඩාගෙන පැනලා දිව්ව නේ…’ අකරතැබ්බයට මුහුණ දී සිටින තරුණයා දොරුවෙන් එළියට පැමිණියේය.
‘මල්ලි අදම ද කොළඹ ආවේ. රත්තරං දාගෙන වල් ගෑනු එක්‌ක අහුමුලුවල රිංගන්න එන්න… ගෑනි දිව්වේ කොයි පැත්තට ද…? දෝස්‌ මුරයක්‌ සමඟ මගේ සගයාගෙන් ඔහුට නැවත පැනයකි.
‘කොහේට දිව්ව ද කියලා දැක්‌කේ නෑ. මම ඔලුව පහත් කරලා කලිසම උස්‌ස ගන්න පොඩ්ඩට ගෑනි ෙච්න් පට ඇදගෙන දිව්ව නේ…’ ඔහුගේ මුහුණ දහඩියෙන් තෙත් වෙලාය.
‘පවුම් කීයක්‌ විතරද…? අපගෙන් ඔහුට නැවත පැනයකි.
‘පවුම් එකහමාරයි…’
‘බලපං තව මොනවද අඩු වෙලා තියෙන්නේ කියලා…?
‘පර්ස්‌ එක නම් තියෙනවා…’
‘ඇඟේ අයවැය අඩු නෑනේ…’ මගේ සඟයා සමච්චලයට මෙන්ම එසේ ඇසුවේය.
‘දැන් ඒ ගෑනි යන්න ඕන තැනට ගිහිං ඇති. කැමැති නම් පොලිසියට ගිහින් පැමිණිල්ලක්‌ දාපං. නැති නම් පාඩුව විඳගෙන යන්න තමයි තියෙන්නෙ…’ ඔහුට ඉතිරිව තිබෙන්නේ එපමණකි. එහෙත් පැමිණිල්ලක්‌ දැමීමට පොලිසියට යැම ප්‍රශ්න වැලක පැටලීමකි.
‘පොලිසි යන්න නම් බෑ. රෑ දෙකක්‌ ඉඳල හරි ගෑනිව හොයා ගන්නවා…’ දහඩියෙන් තෙත් වූ මුහුණෙන් කෝපය මතු විය.
‘ඒත් වැඩක්‌ නෑ මල්ලි. ඔයා හෙට ගෑනිව අඳුර ගත්තත් ඒකි කියයි ‘තමුසෙට අමු කැවිලද… මම ඊයේ මේ පැත්ත පළාතක ආවේ නෑ. ඩයල් එක දැක්‌කෙත් දැනුයි’ කියලා. එතකොට ඔයා මොකද කරන්නේ ඒ ගෑනිම කියලා ඔප්පු කරන්න මොනවහරි තියෙනවද…?
‘මල්ලි ඒ ගෑනි පුරුදු වෙන්න නෙමෙයි ඔයාගේ ෙච්න් එක කඩා ගත්තේ. රස්‌සාවට…’ පිටකොටුවේ වීථී ගණිකාවො ගැන හොඳින් දන්නා මගේ සගයාගෙන් ඔහුට දැනමුතු වදන් කිහිපයකි.
මල්ලි කොහේට යන්නද…? සියල්ල අසා සිටි මම ඔහුගෙන් ඇසුවෙමි.
‘මඩකලපුවේ ඉඳලා ආවේ. ගෙදර යන්න. ඇල්පිටියට බස්‌ එකක්‌ යන්නේ තුනට හතරටලු…’ ඔහුගේ පිළිතුර එය විය.
ඔයා හමුදාවෙ ද…? නැවතත් මම කතා කරමි.
‘හ්ම්…’ මුව වැසී ශබ්දය පිට විය. අපගේ ඒ පැනයත් සමඟ ඔහු තරමක අපහසුතාවකට ලක්‌ විය.
අයියෝ… ඔයාලා මේ කොටුවේ වල් ගෑනු ගැන දන්නෙ නැද්ද…? සැබෑවටම ඒ තරුණයා ගැන අපට දුක සිතිණි.
‘දන්නව… දන්නව… ඒත් හුරුබුහුටිකමට ආස හිතුණා. කවුද දන්නේ මේ ගෑනි හොරෙන් පනී කියලා. ගෑනි මට කිහිප සැරයක්‌ කමිසය ගලවන්න කියලත් මම ගැලෙව්වේ නෑ. කලිසම ඇඳගන්න ඔලුව පාත් කරපු පොඩ්ඩට ෙච්න් එක බෙල්ලෙ එල්ලුණා…’ ඔහුගේ ඇඳුම් බෑගය තවමත් දූවිලි ගොඩේය.
‘මල්ලි උඹ දන්න කෙනෙකුට කොටුවේ වල් ගෑනු ළඟට කිට්‌ටු වෙන්න දෙන්න එපා. එහෙම් පිටින් ලෙඩ ගොඩවල්. මළ ජරාව. රෑ එළිවෙනකම් ඉන්නවා හරියට දතක්‌ කටක්‌වත් මදින්නේ නෑ. පොඩි ෂොපින් බෑග් එකක රෝස පවුඩර් එකකුයි, සෙන්ට්‌ කුප්පියකුයි දාගෙන ඉන්නවා. පැයෙන් පැයට පවුඩර් ටිකක්‌ මූණේ උලාගෙන, සෙන්ට්‌ ටිකක්‌ ඇඟට හලා ගන්නවා…’ අපගේ ගමන් සගයාගේ වචන ටික සල්ලං වූ සෙබළාට පමණක්‌ නොව සිත පාලනය කරගැනීමට නොහැකි ඕනෑම පිරිමියකුට හොඳ පාඩමකි.
ගෑනි මුලින්ම ඔයාගෙන් ගාන ගත්තා නේද…?
‘හ්ම්… දාහක්‌ කියලා අන්තිමට පන්සීයට කැමැති වුණා…’ ගමන් මල්ලත් කරේ එල්ලගෙන සල්ලං තරුණයා දැන් අප සමඟ අඳුරෙන් එළියට එමින් සිටින්නේය.
කොච්චර වෙලාවක්‌ හිටියද…? මම ඔහු ප්‍රශ්න කරමි.
‘වේලාව බැලුවේ නෑ. පැයකට කිට්‌ටු වෙන්න හිටියා. ඒකි හදිස්‌සි කළෙත් නෑ. එක, එක දේවල් කුටු, කුටු ගගා හිටියා. මටත් ඕන කාලෙ කන්න නේ, මමත් හිටියා. ඒකි කතා කළේ නම් අද පාරට වැටුණු ගානට…’ ඔහු ද දැන් අප සමඟ කුළුපගය. වෙච්ච ඇබැද්දිය ගැන කතා කිරීමට ඔහුට ඇත්තේ අප පමණි. අප නොයෙන්න වෙච්ච පාඩුව සිතේ තද කරගෙන පන්චස්‌තාප වෙන්නට සිදු වෙන්නේය.
ගෑනි මොනවද කිව්වේ…? නැවත මම ඔහු ප්‍රශ්න කරමි.
‘මොනවා කියන්නද… ඔය ගෑනු හැමෝ ළඟම තියෙන්නෙ එකම වචන සෙට්‌ එකක්‌. නම්, ගම් අනාථ වෙච්ච විදිහ, කොළඹට ආපු විදිහේ පොඩි, පොඩි වෙනස්‌කම් තියෙනවා. ඒවා පට්‌ට බොරු. රෑට මේ පිටකොටුවේ වල්කමේ යන ගෑනු සේරම මේ අහල පහල වතුවල එවුන්. තූත්තුකුඩියෙන් ආපු එකෙක්‌වත් නෑ. ඒක නේ සුද්ද පාර දාගෙන උං මේ අඩියට දෙකට අහුමුලුවලින් රිංගලා දුවන්නේa. සුද්දයක්‌ දුන්න ගමන් නවතින්නේ ගෙදර. නැති නම් ලොඡ් එකක. ආයෙමත් දොට්‌ට බහින්නේ පැයක්‌, දෙකක්‌ ගියාට පස්‌සෙ. සුද්දෙ පාර බර වුණොත් දවස්‌ දෙකකටවත් එළියට එන්නේ නෑ. මල්ලි ඔයාගේ ෙච්න් එක කඩාගෙන ගිය ගෑනි ආයෙත් පේවුමන්ට්‌ එකට බහින්නේ තව දවස්‌ දෙක තුනකින් තමයි…’
රෑ තිස්‌සේ දූවිලි කාගෙන පාරේ ලගින ගෑනියකු ළඟට කිට්‌ටු වීමට නම් මොළේ මඤaඤං වෙන්න මත්ද්‍රව්‍ය හෝ අරක්‌කු බී සිටිය යුතුය. එසේ නොවෙන්න ඕන දහාජරාවක ලගින, මළකඳක්‌ හෝ බදාගත හැකි මානසික රෝගියෙක්‌ විය යුතුය. එහෙත් මේ තරුණයාගෙන් නම් පෙනුමෙන්, කතාවෙන් එවැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකෙරේ. එහෙත් මොනවා හෝ මත්ද්‍රව්‍යයක්‌ පාවිච්චි කර ඇති බව නම් බොර පැහැ ගැන් වූ ඇස්‌වලින් පෙනේ. ‘මොනව හරි කරලා නේද ඉන්නේ…’ ඔහුගේ දෙනෙත් වලින් පෙනෙන දේ අපි ඔහුගෙන් විමසා සිටියෙමු.
අපේ පැනයට සල්ලං තරුණයාගේ මුව පළල් විය.
‘කේ.ජී. කෑල්ලක්‌ තිබුණා. සේප් එකේ මාර්කට්‌ එක පැත්තට ගිහින් ඔතලා ගැහුවා. එක දිගට බස්‌ එකේ ඇවිල්ල මහන්සියට ද මන්දා සැරට වැදුණා. අර ගෑනිත් එක්‌ක මොනවා කළාද කියලාවත් තේරුමක්‌ නෑ. ඒ තරම් බඩු වැඩ කළා…’ අල ගිය මුල ගිය තව බොහෝ දේ ඔහු සමඟ කතා කරන්නට පුළුවන්කම තිබිණි. එළිය වැටෙන තෙක්‌ හෝ කතා කරන්නට ඔහුද කැමැති බව වැටහේ. එහෙත් අපට කාලය වටින්නේය. එහෙයින් අපි ඔහු අසලින් ඈත් වීමු.
කතාවේ හැටියට ඔහු සල්ලං වී තිබෙන්නේ කේ. ජී.වල පවර් එකට සහ මදන කුලප්පුවටය. (කේ.ජී. යනු ඉන්දියාවේ කේරළයෙන් ගෙන්වන ලද ගංජා විශේෂයකි…) එහෙත් කේ.ජීවල කරන්ට්‌ එක අඩු වන විට ඔහු විසින් ජීවිත කාලයක්‌ හරි හම්බ කරගත් මුදලින් කර බැඳි ෙච්න් පට වෙසඟනක්‌ කොල්ලකාගෙන ගොස්‌ය. එය ඔහුට පමණක්‌ සිදු වූ දෙයක්‌ නොවේ. පිටකොටුවේ රෑ මනමාලියන් සමඟ අහුමුලුවලට ‘හනිමෝන්’ යන සියලු දෙනාට සිදු වන නස්‌පැත්තියකි.
ඕනෑම වෘත්තියකට ගරුත්වයක්‌ තිබේ. ගණිකා වෘත්තියට ද ඒ ගරුත්වය හිමිය. එහෙත් පිටකොටුවේ හොර වෙසඟනන් එකී වෘත්තිය කෙළෙසා දමන්නාහ. එමෙන්ම අත සන්තකයේ තිබූ සේසත සූරාගෙන ගිය විට නැවත හරි හම්බ කරගත හැකිය. එහෙත් ඒ ගණිකාවන් සමඟ එකට හිඳීමෙන් ඇඟට එන ලෙඩ දුක්‌ ජීවිත කාලයටම සුව කළ නොහැකිය. ගෙන්දගම් පොළොව ගැන හරි හැටි නොදන්නා කෙනෙක්‌ මදන විසේ ඔලුවට ගැහුව පළියට තිත්ත කළුවරේ මුදලට විකිණෙන පට්‌ට ගෑනු එක්‌ක අහුමුලුවල ලගින්න යැමට පෙර ගමනේ බරපතලකම තේරුම් ගත යුතුය. සමාජ රෝගයක්‌ ඇඟට ඇතුළුවීම යනු තමාට පමණක්‌ නොව තම පවුලටද, මුළු සමාජයටම පිළිලයකි.

No comments