අලුත් ජම්බු

ගුටි කෙළියෙන් අවසන් වූ රග්බි සටන මැද්දට නාමල් පැන්න හැටි


නාවික හමුදා රග්බි කණ්ඩායම සහ සී.එච්. ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම අතර පෙරේදා පැවති තරගයේ ජය හිමි කර ගන්නට නාවික හමුදා පිළ සමත් වුණා.

මේ තරගය වැලිසර නාවික හමුදා පිටියේදී පැවති අතර නාවික ක්‍රීඩකයන් එහිදි ලකුණු 27 ට 24 ක් ලෙස සී.එච් කණ්ඩායම පරාජයට පත් කළා.

තරගය අතරතුරදී දෙපිලේ ක්‍රීඩකයන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවූ අතර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් මැදිහත් වී එය සමථයකට පත් කරගනු ලැබුවා.


සී.එච් ඇන්ඩ් එෆ්.සී කණ්ඩායමට රෝහිත රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ ක්‍රීඩා කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා.

මෙම ගුටිබැට හුවමාරුව ඇතිවුණේ මීට පෙර මෙම රාජපක්ෂ සොයුරන් නියෝජනය කළ නාවික හමුදා කණ්ඩායමට එරෙහිව වීම කාගේත් කතාබහට ලක්වුණා.

No comments