අලුත් ජම්බු

මු ගායකයෙක්ද බං? ඊයා මුගේ කෑල්ල ජපුර එනවලු


ජනප්‍රිය ගායකයෙක්වන සදුන් පෙරේරා නැමැති පුද්ගලයාගේ පෙම්වතිය බව කියන තරුණියක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා ලැබෙන ලිපිය ප්‍රමාද වීම හේතුවෙන් ඒ බව විමසා විශ්වවිද්‍යාල සිසුන් විසින්පවත්වාගෙන යනු ලබන කැම්පස් ෆේස්බුක් පිටුවකට කෙටි පණිවිඩයක් යවා ඒ පිළිබඳව විමසා තිබේ.
එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඒ සදහා සදුන් පෙරේරා නැමැති පුද්ගලයාද මැදිහත් වී අදාළ ෆේස්බුක් පිටුව වෙත කෙටි පණිවිඩ කිහිපයක්ම එවා තිබේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙවන් දෙයකි..
“මල්ලි මගේ පුද්ගලික ජීවිතේ සම්බන්ධ කර ගන් නැත්නම් ගොඩක් කැමති. මොකද එයා කෙල්ලෙක් ඔයාට ඒවා ගානක් නැති වෙන්න පුළුවන්.ඒත් මට එයාව ගොඩක් වටිනවා. ඒක නිසා කරණාකරලා ජීවිත සෙල්ලම් බඩු කර ගන්න එපා. කැම්පස් එකේ පේජ් එකට මැසේජ් දාලා තියෙන්නේ එයා. මොකද එයාගේ ලෙටර් එක තාම ඇවිත් නැති නිසා. ඒක නිසා තමයි ඔයාලගේ පේජ් එකට මැසේජ් දාලා තියෙන්නේ. කැම්පස් එකේ පේජ් එකක් හැටියට මීට වඩා දැක්මකින් වැදගත් කමක් තියන්න ඕනිනේ මල්ලි. මගේ කෙල්ලගේ ජීවිතේ එක්කයි ඔයා මේ සෙල්ලම් කරන්න හැදුවේ කියලා මතක තියා ගන්න..”
කෙසේ නමුත් මේ පිළිබඳව සොයා බැලීමේදී වාර්තා වූයේ අදාළ ෆේස්බුක් පිටුව විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් විසින් විනෝදය උදෙසා පවත්වාගෙන යනු ලබන එකක්වන බවත් එය  විශ්වවිද්‍යාල පද්ධතියට නිල වශයෙන් වගකීමක් නොමැති ෆෙස්බුක් පිටුවක්වන බවත්ය.
අදාළ ඡායාරූප පහතින්…

No comments