අලුත් ජම්බු

ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියාගේ හිරිහැර නිසා සේවිකාවක් ආයතනය තුල වස පානය කරයි


ස්වර්ණවාහිනි Live at 7 ප්‍රවෘත්ති අංශයේ සේවය කරන තරුණියක් පසුගියදා ආයතන පරිශ්‍රය තුළදී වස පානය කළ බවට වාර්තා වනවා.
ඇය මෙසේ වස පානය කර ඇත්තේ Live at 7 ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී අනුර වැරණියගොඩ නැමැත්තාගෙන් එල්ල වන පීඩනය නිසා බවයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණේ.
අනුර වැරණියගොඩ මීට පෙර ස්වර්ණවාහිනියේ කාන්තා වැඩසටහන් අංශයේ සේවය කළ අයෙකු වන අතර ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයේ නව ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරාගේ කුක්කෙකු නිසා ඔහුට ප්‍රවෘත්ති ප්‍රධානි තනතුර ලැබුණු බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් Live at 7 ප්‍රවෘත්ති අංශයේ තරුණියන්ට මොහුගෙන් නිතර දෙවෙලේ දුරකතන ඇමතුම් ලැබීම නිසා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.




No comments