අලුත් ජම්බු

God Sex and Truth චිත්‍රපටයටත් ඉන්දියාවෙන් විරෝධය




සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවති චිත්‍රපටය මේ වන විට තිරගත වීම ආරම්භ කර ඇති අතර ඊට ඉන්දියාව පුරා දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඊට විරෝධය පළ කරමින් හින්දු අන්තවාදී කණ්ඩායම් වල ආධාරකරුවන් විසින් ගුජරාට් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණ විනාශ කරමින් රථ වාහන ගිනිබත් කරමින් ප්‍රචණ්ඩකාරී හැසිරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අන්තවාදී කණ්ඩායම් කියා සිටින්නේ ඉන්දීය පුරාවෘත්තයක් වන 'පද්මාවතී' නමින් හින්දු රැජිනගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටය ඉතිහාසය විකෘති කර ඇති බවයි.

මේ අතර අද තිරගත වීම ආරම්භ කිරිමට සැරසෙන ප්‍රවීණ ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන රාම් ගෝපාල් වර්මාගේ නවතම චිත්‍රපටයද මතබේදයට තුඩු දී තිබෙනවා.

God Sex and Truth ලෙස නම් කොට ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක වන මියා මල්කොවාය.

කෙසේ වෙතත් සමාජ ක්‍රියාකාරීන්ගේ මෙන්ම කාන්තා සංවිධාන වලත් දැඩි විරෝධය මීට එල්ල වී තිබෙනවා.

එමෙන්ම මෙම චිත්‍රපටය තහනම් කරන ලෙසත්, රාම් ගෝපොල් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙනවා.

මෙම චිත්‍රපටය හරහා කාමුක දර්ශන හා ලිංගිකත්වය ප්‍රවර්ධනය කරන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

Image result for god sex and truth
Related image





No comments