අලුත් ජම්බු

උඩින් ගිය බංගලියන්ව ලංකාව බිමට ඇද දමයි



හතුරුසිංහගේ පරණ කණ්ඩායම ඔවුන්ගේ භූමියේදී පන්දුවාර 24 ක් ඇතුලත 82 කට දවා ගන්නට මැනවින් පන්දු යැවූ හා රැකූ ලංකාව සමත් වුනා.

ධනුෂ්ක ගුණතිලකගේ විශිෂ්ඨ පන්දු රැකීම හමුවේ ශකිබ් අල් හසන්ද විශිෂ්ඨ උඩපන්දු රැකීම හමුවේ තමිම් ඉක්බාල්ද දවා ගනිමින් තරගයට අවතිර්ණ වූ ලංකාව එය මැනවින් පවත්වාගෙන ගියා.

බංගලියන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකි අතර බංගලි විචාරකයන් පවසන්නේ මෙය අවසන් තරගයෙ නොවූයේ වාසනාවට බවයි.

අතීතයේ වාස් බංගලියන් සුනු විසුනු කරනවාක් මෙන් මුරලි මැදපෙල සුද්දකරනවාක් මෙන් සුරංග සහ චමීර හොඳ ආරම්බයක් ලබා දුන්නා.

චමීර කඩුලු 2 ක් ලබා ගත් අතර එය සදහන් වන්නේ තරග හයකට පසු ලබාගත් පලමු කඩුල්ල ලෙසයි.

තිසර හා සදකැන් බංගලි මැදපෙල කඩා දැමුවා. 82 කට ඔවුන්ගේ භූමියේ දවාගත් පසු ශ්‍රී ලංකා පුහුණුකරු සිනාමුසු මුහුනින් ක්‍රිඩාගාරයේ සිටින ආකාරය ජාත්‍යන්තර විකාශය පෙන්නුම් කලා.

එසේම ලංකාව බංගලියන්ට එරෙහි ලබා ගත් විශාලම ජයග්‍රහනය මෙය වනවා.

ඒ පන්දුවාර 38 ක් ඉතිරිව තිබියදී. එසේම 2011 ට පසු කඩුලු 10 කින් ජයක් ලබන්නේ පලමු වතාවටයි.

 එසේම කඩුලු 10 ක ජයක් ලබන්නේ හයවන වතාවටයි. උපුල් තරංග හා දනුෂ්ක දිගට හරහට හයේ පහරවල් එල්ල කිරීමත් විශේෂත්වයක්.

 එසේම ලංකා ඉතිහාසයේ 5 වන විශාලම ජය මෙයයි. වසර 10 කට පසු ලද විශාලම ජයත් මෙය වනවා.

අවසන් මහ තරගය සෙනසුරාදා පැවැත්වෙයි. ජාත්‍යන්තර විචාරකයන් පැවසුවේ අහසේ පාවූ බංගලියන් පොලවට අද වැටුන බවයි.

බංගලියන් පීඩනයකින් අවසන් තරගයට පැමිනෙන අතර ලංකාව විශ්වාසයකින් පැමිනීම ලංකාවට ඉතා වාසිදායක වෙයි.

 කෙසේ වෙතත් පුහුණුකරු හතුරුසිංහට වැඩි ගෞරව හිමිවිය යුතුයි. තරගයේ වීරයා සුරංග ලක්මාල්

No comments