අලුත් ජම්බු

මම එළකිරි කොල්ලෙක් වෙනවා


ටීනා ශනෙල් කියන්නේ නිරන්තරයෙන් විවිධ තේමාවලට අනුව සිදු කරන Photoshoot සඳහා දායකවන ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක්. නිරූපණ ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය පසුගිය දිනෙක සිය කුළුඳුල් චිත්‍රපටය සඳහා ද රංගනයෙන් දායක විය. ඇය පසුගිය දිනෙක ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වැඩ සටහනකට සහභාගී වී ඉතා අපූරු පිළිතුරු කිහිපයක් ලබා දී තිබෙනවා. එය පහතින්……
ඔබ ටීනා ශනෙල් නොවුනානම් ?
මම එහෙනම් දීපිකා පදුකෝන් තමයි.
ඇයි ඒ ?
මම කැමතියි එයාගේ ඒ ලස්සනට.
ඔබ ලංකාවේ ඉපදුණේ නැත්නම් ?
අනේ වාසනාවන් මම එහෙනම් ඉපදෙන්නේ ඇමරිකාවේ තමයි.
ඇයි ඒ ?
ඒ රටවල් වල මිනිස්සු කුණු හොයන්නේ නැහැනේ, මඩ ගහන්නේ නැහැනේ.
ඔබේ භාෂාව සිංහල නොවුනානම්?
මගේ භාෂාව හින්දි. මම ආසයි හින්දිවලට.
ටීනා නිරූපිකාවක් නොවුනා නම්?
මම එහෙනම් නිළියක් විතරක්ම වෙයි. ඒත් මන් ආසයි ඔය දෙකම කරන්න.
ඔබේ පෙම්වතා නදීමාල් නොවුණා නම්?
හ්ම්, මම කැමතියි ශාරුක් ව විවාහා කර ගන්න.
සජිවී වැඩසටහනක දී ටීනාට අකරතැබ්බියක් සිදු නොවුණා නම්?
එහෙනම් විදයම් නොකරම trending වුණ එක නවතින්න තිබ්බා.
ඔබ ගැහැණියක් නොවුණා නම්?
මම එහෙනම් එළකිරි කොල්ලෙක් වෙනවා.
ඔබට මියගිය කෙනක්ව නැවත ගෙන්වන්න ලැබුනොත් කාවද ගෙන්වන්නේ ?
මම ගේන්නේ මගේ තාත්තාව
ටීනා කැමතිම නළුවා උද්දික ප්‍රේමරත්න නොවුනා නම්?
එහෙනම් සාරංග ට තමයි මගේ කැමැත්ත.
Image result for teena shanelImage result for teena shanel
Image result for teena shanel
Related imageRelated image

No comments