අලුත් ජම්බු

රත්‍රං තහඩු වලින් නිර්මාණය කරපු ධම්මික පෙරේරාගේ මෝටර් රථයේ විස්තර මෙන්න




මෙරට ව්‍යාපාරික ධනවත්ම ව්‍යාපාරිකයා ලෙස සැළකෙන ධම්මික පෙරේරා‍ රටේම කතාබහක් ඇතිකරමින් mulsanne hallmark රථයක් ලංකාවට ගෙන ආවේ යළිත් සිය නම වාර්තාගත අලූත් පුවතකට හිමිකම් තබමින්.ලෝකයේ ඉතාම මිල අධිකතම සහ සීමාසහිතව නිපදවෙන මෝටර් රථයක් වන බෙන්ට්ලි මෝටර් රථ සමාගමේ නිපදවන මුල්සන්නී හෝල්මාක් රථය ලංකාවේ මුදලින් රුපියල් මිලියන 160ක් පමණ වන බවයි සඳහන් වන්නේ. එසේම එහි රේගු බද්ද පමණක් රුපියල් මිලියන 76ක් පමණ වන බව සඳහන් වෙනවා.
ලෝකයේ මෙතෙක් නිපදවන මිල අධිකම සේම සුඛෝපබෝගීම වාහනයක් ලෙස සැළකෙන මෙම රථය සම්පූර්ණයෙන්ම අතින් නිර්මාණය කරන අතර මෙම වර්ගයේ රථ ආසියාවටම ඇත්තේ පහක් පමණක් බව සඳහන්. ධම්මික පෙරේරා වෙනුවෙන් මෙරටට ගෙන්වූ රථය දකුණු ආසියාවට ලැබුණු මෙම වර්ගයේ මුල්ම සභ එකම රථය බවටද පත්වනවා.

සුඛෝපබෝගි බවින් ඉහලම මට්ටමේ තිබෙන බවට ලොවම පිළිගත් බෙන්ට්ලි මුල්සන්නී හෝල්මාක් රථය එම සුඛෝපබෝගී බවටම නොදෙවෙනි තරම් ඉහළ මට්ටමේ ක‍්‍රියාකාරීත්වයක්ද ඇති රථයක් වනවා. එසේම රථය සාදා නිමවීමෙන් පසුවද යොදාගත් අමුද්‍රව්‍යවල පෙනුම එලෙසම රැකෙනා නිසා මෙම රථයේ වටිනාකම වඩා වැඩි අගයක් ගනු ලබනවා.

බෙන්ට්ලි මුල්සන්නී හෝල්මාක් රථයේ බාහිර ආවරණය කිරීම සඳහා පිළිගත් ආභරණකරුවන් විසින් ආභරණ නිපදවීමට යොදා ගන්නා ලෝකයේ ඇති අනර්ඝතම ලෝහයන් යොදා ගන්නා අතර හෝල්මාක් ආවේණික අව්‍යාජ සලකුණ තබමින් සිය නිර්මාණය අවසන් කිරීම වෙනුවෙන් සිය නිපුණත්වය මෙහෙයවන මුල්සන්නී නිර්මාණශිල්පියා සිය උපරිම හැකියාව ප‍්‍රකට කරමින් මෙම රථ නිර්මාණය කරනු ලබනවා.
රත‍්‍රන් තහඩු හෝ රිදී තහඩු වලින් මුල්සන්නී රථවල බාහිර ආවරණය නිර්මාණය කරනු ලබන අතර මටසිලිටු සහ තුනී තහඩු යොදාගෙන එක් වර්ණයක් හෝ වර්ණ දෙකක් මතුවී පෙනෙන ලෙස මෝටර් රථයේ පිටත ආවරණය නිර්මාණය කරනවා. අතින්ම වර්ණ ගන්වන ලද තහඩු යොදා ගනිමින් මෙම මෝටර් රථ එකිනෙකින් වෙනස් ලෙස නිර්මාණය කිරීමට බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිරන්තර උත්සාහයක යෙදී සිටිනවා.

පවතින වර්ණ 100කටත් වැඩි ප‍්‍රමාණය අතරින් රථයේ පිටත වර්ණය තමන්ට කැමති පරිදි තෝරාගෙන තමන්ගේ රථයටම වෙන්වූ පෙනුමක් ලබාගැනීමේ හැකියාව මිලදී ගන්නාට හැකියාව පැවතීම මෙහිදී විශේෂත්වයක් වන අතර ධම්මික පෙරේරා මෙරටට ගෙන්වූ රථය සඳහා ඔහු තෝරාගෙන තිබෙන්නේ නිල් සහ පෝසිලේන් සුදු පැහැයයි.
සුක්කානම සහ රියදුරු අසුන අතර දුර තරමක් වැඩි වන නමුත් එයින් අවාසියක් සිදු නොවන අතර උපරිම සුවපහසුවකින් යුක්තව රථය පදවාගෙන යාමේ හැකියාව ඉන් ලැබේ. පාද තැබීම සඳහා මිලිමීටර 250ක වැඩිපුර ඉඩක් සහිතව සකස් වන රියදුරු කුටිය කලාතුරකින් දක්නට ලැබෙන තරම් අලංකාර රියදුරු කුටියක්ද වනවා.
ආලෝකය පිරි කැබින් කුටිය බොහෝ ඉඩකඩ සහිත වනවා සේම අත්‍යවශ්‍ය උපකරණ බොහොමයක් රඳවා තබාගත හැකි ලෙස සකසා ඇත. බෙන්ට්ලි සමාගම මෙම රියදුරු කුටිය හදුන්වන්නේ හො`දින් සිතීමට කාලය සහ අවකාශය තබා සැකසෙන රියදුරු කුටියක් ලෙසය. ඔවුන් පවසන්නේ හො`ද රියැදුරකුට සුපපහසුව සේම සිතීමේ ඉඩ ද රියැදුරු කුටිය තුළදී ලැබිය යුතු බවයි.
රිය කුටියේ අවසන් සැකැස්ම සඳහා යොදාගැනෙන්නේ ද රත‍්‍රන් හෝ රිදී පතුරු සහ ආලේපනයන්ය. කැබින් කුටියේ අවසන් පෙනුම ලබාගැනීම සඳහා රත‍්‍රන් සහ රිදීවලට අමතරව හො`දින් පදම් කර සැකසූ වටිනා ලී පතුරු යොදා ගන්නේ ඒවායේ ඇති ස්වභාවික රටා ඉස්මතු වී පෙනෙන ආකාරයටය. රිය කුටියේ බොහෝ තැන් මන්චාඩි හතරේ රත‍්‍රන් ආලේපනයකින් ආවරණය කෙරේ. එසේම මෙම සීමිත නිපැයුමේ සෑම රථයකම රිය කුටියේ පනහෙන් එකක් (One of Fifty-1 Of 50) ලෙස සදහන් මලනොබ`දින වානේ වලින් සැකසූ සමරු ඵලකයක්ද සකසා ඇත.
බෙන්ට්ලි මුල්සන්නී හෝල්මාක් රථයේ ආසන දියමන්ති ක්විල් කිරීම්ද යොදාගෙන ඇති අතර ගියර් හිස සහ අනෙකුත් සියලූම පැඩල් නිර්මාණය කර ඇත්තේද ඉතා වටිනා මිශ‍්‍ර ලෝහ වලිනි. රෝදයක අරය අගල් 21ක් වන අතර එයද මුල්සන්නී හෝල්මාර්ක් රථයටම විශේෂය. ගුවන් යානාවල පවා කලාතුරකින් දක්නට ලැබෙන තරමේ ඉතා සුවපහසු හිස රැු`දවුම් සහිත ආසන හතරක් මේ රථයේ ඇත. රථයේ වහලයේ ඇති විශාල හිරු ආවරණය Sunroof සාමාන්‍ය මෝටර් රථ වලට වඩා වෙනස් සහ විශේෂ වන අතර වාහනය තුළ ගමන් කරන පුද්ගලයාට රුචි පරිදි වාහනය තුළට ලැබෙන හිරු ආලෝකය වෙනස් කර ගත හැකිය.
රථයේ ලීටර හයයි තුන්කාලක ධාරිතාවක් ඇති වී 8 (V8) වර්ගයේ ට්වින් ටර්බෝර් Twin turbo එන්ජිම 6725cc එන්ජින් ධාරිතාවකින් යුක්තය තත්පර 5. 5ක් තුළදී වේගය පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වැඩි කළ හැකි මෙම රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර 296කි. මේ සඳහා යොදා ගත හැකි වන්නේ EU. 95 සිට 98 දක්වා කාණ්ඩයේ ඉන්ධනයි.



















.

No comments