අලුත් ජම්බු

අගමැති අත් අඩංගුවට ගැනීමට ජනපතිගෙන් නියෝගයක්


කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
අදින් ආරම්භ වන්නේ මේ මැතිවරණයේ තීරණාත්මක කාල පරිච්ඡේදයයි. ඔබට මතක ඇති පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ අද වැනි දිනක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිනුවත් අගමැති කම දෙන්නේ නෑ කියන ලිපිය ජනාධිපතිතුමන් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට යැවුවේ. අද වැනි දවසක තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය දැරූ සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරය දැරූ අනුර යාපා මහතා හදිසියේම ඉවත් කරන්නට කටයුතු කලේ.
ඒ හරහා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න බලාගෙන හිටිය විශාල ජනතාවක් කම්පනයට පත්වෙලා අධෛර්යට පත්වෙලා ඡන්දය ප්‍රකාෂ නොකර ගෙදර හිටියා. ඒ අත්දැකීමෙන් ධෛර්යට පත්වෙලා ඉන්න ආණ්ඩුවේ උපක්‍රම විශේෂඥයන් මෙදා පාරත් ජනතාවට එවැනි උපක්‍රම භාවිතා කරන්න ඉඩ තියෙනවා.
මම විය හැකි ඉදිරි සිරස්තල කිහිපයක් කියන්නම්. හරි ප්‍රවේසමෙන්. මොකද ඇතැම්විට රාජ්‍ය මාධ්‍ය ඒ සිරස්තලය විතරක් පාවිච්චි කරල මෙන්න මෙහෙම කිව්ව කියන්නත් ඉඩ තියෙනවා. මහින්ද සිරභාරයට, බැසිල් සහ ගෝඨා ට ඒකාබද්ධ විපක්ෂය දෙපිල බෙදේ. ඒකා බද්ධ විපක්ෂය හතරට කැඩේ. විමල් ජනපතිට, උදය අගමැතිට, දිනේෂ් ජවිපෙට. මේ වගේ සිරස්තල උනත් පල වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම, දහවැනිදා ජයග්‍රහණයෙන් පසු අගමැති අත් අඩංගුවට ගැනීමට ජනපතිගෙන් නියෝගයක් වැනි සිරස්තල එන්නට ඉඩ තියෙනවා. මෙවැනි සිරස්තල අපේ පැත්තේ ඡන්ද දායකයන් අධෛර්යමත් කරන්න අනික් පාර්ෂව වෙත ඡන්දය දීමට රවටා ගැනීමට ගොනුවීමට ඉදිරි පැය 72 තුල ඉඩ තියෙනවා. ඒ නිසා ඒ පිලිබද අවධානයෙන් ඉදල පුළුවන් නම් භාවනා කරලා සිත චංචල කර ගන්නේ නැතුව මේ සිටිනා මතයම එලෙසම තබා ගැනීම රට ජාතිය වෙනුවෙන් ඔබට සිදු කල හැකි ඉහලම යුතුකමයි කියලා සමස්ථ ශ්‍රි ලංකා වාසී සැමටම සිහිපත් කරනවා.
මතක් කරන්න ඔනේ මේ ඡන්දෙදි සමහරු කියන්නේ මේ පුංචි ඡන්දෙදි අපේ ගමේ ඥාතියා ට හිතවතාට අපිට උදව් කරලා තියෙන කෙනාට පහුගිය දවස් වල අරක්කු සිගරට් බෙදුව කෙනාට සිමෙන්ති බෙදුව කෙනාට කන්න දුන්න කෙනාට ඡන්දේ දෙනවා කියලා. ගමේ අය හිතන්න පුළුවන් ගමේ ඡන්දේ නේ කියලා. මතක තියා ගන්න මේ ඡන්දය ආණ්ඩුවේ සලකුණු වන නිල් හංසයන් බුලත් කොළයෙන්, රතු හංසයන් සීනුවෙන් ඒ වගේම කොළ හංසයන් අලියාගෙන් මැතිවරණයට ඇවිත් ඉන්නවා. ගමේ ප්‍රාදේශිය කාරණා සලකලා ඔබ මේ ලකුණු වලට ඡන්ද දුන්නොත් ඡන්දයෙන් පස්සේ එය අර්ථ දක්වන්නේ රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට ජනවරමක් දුන්නා, රටේ රැකියා ඉන්දියාවට දෙන එක්ටා ගිවිසුමට ජනවරමක් දුන්නා, රටේ සම්පත් නොරටුන්ට දෙන වැඩ පිළිවෙලට ජනවරමක් දුන්නා, බඩු මිල ශෝක්, ආර්ථිකය පිබිමිබිගෙන එනවා වගේ කියලා අර්ථ දක්වන්න ඉඩ තිබෙන නිසා ගමේ ප්‍රශ්න හිතවත් කම් පැත්තකින් තියලා රටේ ප්‍රශ්න මත ඔබේ කතිරය ගසන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
දෙමළ ජාතික සන්ධානය රටේ නිල විපක්ෂය මෙදා බැඳුම්කර විවාදයට සහභාගි වුණේ නෑ. එයට ප්‍රධාන හේතුව විදිහට අපි දකින්නේ අර්ජුන් මහෙන්ද්‍රන් රාජ් රාජරත්නම් හරහා කොටි සංවිධානයට ප්‍රබල ලෙස මුල්‍ය ආධාර ලබා දීමට කටයුතු කරපු කෙනෙක් බවට මුළු ලෝකයම දන්නවා. ඒ පිළිබඳව ප්‍රබල චෝදනා තිබෙනවා. තමන්ගේ බෙදුම්වාදී අරගලයට අරමුදල් සැපයු පුද්ගලයාට එරෙහිව කතා කිරීමට නොහැකි නිසාද රටේ නිල විපක්ෂය පාර්ලිමේන්තු නාවේ කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. ඒ නිසා දෙමළ ජාතික සන්ධානය තවමත් දෙමළ බෙදුම්වාදී අරගලයේ න්‍යාය පත්‍රයේ ඉන්න බව ඊයේ යළිත් වතාවක් සනාථ කලා. දැන්වත් සැබැ විපක්ෂය වන ආණ්ඩුවේ සෑම වැරදි ක්‍රියාවකටම හඩ නගන ඒකා බද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විපක්ෂ නායක ධූරය ලබා දී ජනතාවට යුක්තිය ඉටු කල යුතුයි කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

No comments