අලුත් ජම්බු

අගමැති ලැප් නැටුම ලප් තැනම ලොප් කරයි


හෙටට යෙදී තිබෙන 70 වන නිදහස් දින උත්සවය සඳහා වන පෙරපුහුණුව මේ දවස් වල පැවැත්වේ. විවධ සංස්කෘතික හා ගෞරවාන්විත අංගවලින් සමන්විත වන මෙම නිදහස් දින රැළියට මෙවර ලැප්ටොප් හා දුරේක්ෂ රැගත් නර්තන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරන රංගනයක් ඇතුලත් කර තිබීම පසුගියදා අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැකගැනීමට හැකිවිය.
මෙයට බොහෝ ලෙස මඩ හා විරුද්ධත්වය සමාජ මාධ්‍ය තුලින් එල්ලවූයේ මෙය සංස්කෘතියට විශාල බලපෑමක් කරනබව හා, මෙවැනි රඟ දැක්වීම්, නිදහස් දිනය වැනි වටිනා උත්සව සඳහා නොගැලපෙන බවට සඳහන් කරමිනි.
මේ සමගම මීට සුළු මොහොතකට කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, මෙම ලැප්ටොප් නැටුම සහ දුරේක්ෂ නැටුම 70 වන නිදහස් දින රැළියෙන් ඉවත් කරනමෙන් අදාළ බලධාරීන්ට දැනුම් දී තිබිණි.
හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම මේ සඳහා එල්ලවන චෝදනා හා විරුද්ධවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත බවයි. එම සිද්ධියට අදාළ ටිව්ටර් පණිවුඩය පහතින්,

No comments