අලුත් ජම්බු

බ්‍රිගේඩියර් ප්‍රියංකට තානාපති සේවය අහිමි වෙයි ?


බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කල බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විදේශ කටයුතු අමාත්‍යංශයේ කැඳවීමකට අනුව පසුගියදා ලංකාවට පැමිණියා.
එසේම බ්‍රිෙග්ඩියර්වරයා ලංකාවට පැමිණියේ සංචාරයක් සඳහා වන බවද වාර්තා වුනා.
කෙසේ නමුත් අද (26) පැවති මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න ප්‍රකාශ කලේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
එසේම යුද හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක සහ බ්‍රිෙග්ඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අතර අද දිනයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්, ඒ අනුව බ්‍රිගේඩියර්වරයාගේ තානාපති සේවය අවලංගු වන බවත් මේජර් අජිත් ප්‍රසන්න ප්‍රකාශ කර සිටියා.
බ්‍රිගේඩියර්වරයා ලංකාවට නොගෙන්වා මහකොමසාරිස් කාර්යලයේ රැකියාව ඉදිරියටත් කරගෙන යෑමට අවස්ථාව ලබාදෙන බව ජනාධිපතිවරයා මැතිවරණයට පෙර පොරොන්දු වූ බව පෙන්වාදුන් මේජර්වරයා ප්‍රියංක ප්‍රනාන්දුගේ බිරිඳ සහ දරුවන්ගේ වීසා අවලංගු කර වහාම ලංකාවට ගෙන්වන්නැයි දෙමළ ඩයස්පෝරාව ඉල්ලා සිටි බවද කියා සිටියා.




No comments