අලුත් ජම්බු

අක්කා බේර ගන්න තම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයෙන් යවා හෝටල් කාමරයට ගිය 14 හැවිරිදි නැගණිය


තමාගේ පියා විසින් තම උපන් දිනයට තෑගි කළ නවීන පන්නයේ ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයේ මුහුණු ‍පොතින් (Face Book) හඳුනාගත් පෙම්වතකු වූ මෙහි පළමු සැකකරුට තමාගේත්, 14 හැවිරිදි තම නැගණියගේත් නිරුවත් ඡායාරූප ලබාදී තිබුණු බවත්, පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් එම පුද්ගලයා තමන්ගෙන් මුදල්ද ලබාගත් බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් රහස් ‍පොලිසියට පැමිණිලි කර තිබිණි.
“තම අක්කාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට සැකකරුවන් කළ තර්ජනය හේතුවෙන් අක්කා බේරාගැනීම සඳහා තමන්ද තම නිරුවත් ඡායාරූප ලබාගැනීමට ඉඩදුන් බවත්, පසුව අක්කා සමග කිරිබත්ගොඩ හෝටල් කාමරයකට ගිය බවත්, එහිදී දෙවැනි සැකකරු තමාට ලිංගිකව හිරිහැර කළ බවත් පැමිණිලිකාරියගේ 14 හැවිරිදි නැගණිය ප්‍රකාශ කර ඇතැයිද රහස් ‍පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.”
ලංකාවෙහි පමණක් නොව පිටරටවලින්ද මෙවැනි කතාන්දර අසන්නට ලැබේ. රහසිගතව සිදුවන එවැනි දෑ පුවත්පත්වලද පළවෙයි. එහෙත් මෙම එක කුස උපන් අක්කාගෙයි, නංගීගෙයි කතාව අප සිතනවාටත් වඩා බියකරු මානයකට ගිය එකකි.
18 හැවිරිදි අක්කාත්, 14 හැවිරිදි නංගීත් තමන්ගේ නවීන පන්නයේ ජංගම දුරකථනවලින් සිදුකළ එම බරපතළ අපරාධය ආයුධයක් කරගත්තේ තරුණයන් දෙදෙනෙකි. මෙම තරුණියන් දෙදෙනාම දූෂණයට ලක්වී තිබුණු අතර, තරුණයන් දෙදෙනා වෙන වෙනම තරුණියන් සමග ලිංගිකව හැසිරී තිබේ.
තමන්ගේ උපන් දිනයට තම පියා විසින් තෑගි කරන ලද නවීන පන්නයේ ජංගම දුරකථනයෙන් තමන්ගේම පූර්ණ නිරුවත් ඡායාරූප රැගෙන තරුණයන්ට යැවීම ලාංකික තරුණියක විසින් සිදුකිරීම සහ එතැනින් නොනැවතී ඇගේ බාල නැගණියද (වයස 14ක් වූ) තමන්ගේ නිරුවත් සේයාරූ රැගෙන එම තරුණයන්ටම යැවීම සැබැවින්ම පුදුමාකාරය.
වයස අවුරුදු 14ක් යනු වැඩිවියට පත්වූ දරුවකු වුවද තවද සැබැවින්ම කිරි දරුවෙකි. මෙම කතාවේ බියකරුම පරිච්ජේදය වන්නේ ඉන්පසු මෙම යුවතියන් එම තරුණයන් සමග හෝටල් කාමරවල ලිංගිකව හැසිරී දූෂණයට පත්වීමය.
යුවතියන්ගේ ප්‍රකාශය වන්නේ තමන් යැවූ නිරුවත් ඡායාරූප ආයුධයක් කරගනිමින් යට කී තරුණයන් තමන්ට මෙම අපරාධය සිදුකළ බැව්ය. මෙහිදී යුවතියන් තමන්ගේම දෑත්වලින් තමන්ගේම නිරුවත් ඡායාරූප ගැනීම සහ ඒවා තරුණයන්ට කැමැත්තෙන් ලබාදීම කුමන විදිහට ලියා තැබිය යුතු කතාවක්ද?
මෙයට මාස කිහිපයකට පෙරදී කොළඹ නගරය ආශ්‍රිතව සිදුවූ මෙම සිද්ධියේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් දෙවතාවක්ම යට කී සිද්ධියට සම්බන්ධ තරුණයන් රක්ෂිත බන්ධනාගාරගත කළේය. බරපතළ ලිංගික අපයෝජනයක් සහ ස්ත්‍රී චූදිතයන්ට එරෙහිව ඉදිරිපත් වී තිබිණි.
මෙහිදී සැබැවින්ම බලතහොත් ෆේස්බුක් ජාලය හරහා තම නිරුවත් සේයාරූ ලබාදීමද තරුණියන් සිදුකර ඇති එක්තරා අපරාධයකි. එහෙත් නීතිමය කරුණු ගොනුකර ගැනීමේදී යුවතියන් වෙත එම වරද පැටවී නැත.
අද තිබෙන නූතන තාක්ෂණික සන්නිවේදනය ලොව උඩු යටිකුරු කරමින් සිටිති. මෙවැනි කතාන්දර ඔබට, මට අසන්නට වී ඇත්තේද එහෙයිනි. යට කී පුවත අප රටේ ඇති වටපිටාව නිසා පුදුමය සහ කනගාටුව දනවන පුවතක් වුවද බටහිර රටවල් ගත් කල අද මෙවැනි පුවත් නිරන්තරයෙන්ම අසන්නට ලැබෙයි. එහිදී අන්තර්ජාල සහ පරිගණක තාක්ෂණය හරහා මෙම දූෂිත ක්‍රියාවලිය සිදුවෙමින් පවතියි.
නවීන ජංගම දුරකථන භාවිතය මගින් මෙසේ සිදු කෙරෙන මහා ලිංගික අපචාර ක්‍රියාවලිය ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ ‘සෙක්ස්ටින්’ (Sexting) යන අපූර්ව නව වදනකිනි. ලොව බටහිර රටවල් රැසක් මෙයට බිලිවී ඇතත්, තවද ශ්‍රී ලංකාව එයට ප්‍රබල ලෙස ගොදුරු වී නැත. එහෙත් එම බියකරු මානයට ටිකෙන් ටික ගොදුරු වෙමින්ද තිබෙයි.අද අන්තර්ජාලය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ මෙම විෂය කෙරෙහි ඇති තොරතුරු අති විශාල වීමය.
වර්තමානයේ මෙම (Sexting) වබේ අඩවිද සිය දහස් ගණනක් අන්තර්ජාලයේ දක්නට ඇත. මෙම නවතම විෂය වන (Sexting) (සෙක්ස්ටින්) හරහා සිදුවන්නේ ලිංගික ඡායාරූප, ලිංගික වීඩියෝපට සහ ලිංගික වදන් සහිත පණිවිඩ අන්තර්ජාලය හරහා යම් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකු වෙත යැවීමය.
මෙය අතිශය නීතිවිරෝධී ලිංගික අපචාර ක්‍රියාවලියක් වෙයි. මෙසේ වත්මන් සමාජයේදී මෙම .. Sexual Photos, Sexual Videos සහ Sexual Text සන්නිවේදනය කිරීම වත්මනෙහි මුළුමනින්ම පාහේ සිදු කෙරෙන්නේ නවීන ‘ස්මාර්ට්’ ජංගම දුරකථන මගිනි.
මෙයට වසර කිහිපයකට පෙර මේස පරිගණකය හරහා හෝ ලැප්ටොප් පරිගණකය හරහා මෙවැනි ක්‍රියා සිදුකර තිබුණද දැන් බොහෝවිට භාවිත කරන්නේ ‘ස්මාර්ට්’ ජංගම දුරකථනය පමණි. එසේ වන්නේ වත්මන් මෙම ජංගම දුරකථනය ඕනෑම දෙයක් කළහැකි අපූරුතම මෙවලමක් වීම හේතුවෙනි.
ඇමෙරිකාවේ බොස්ටන් නගරයේ වෙසෙන රැකල් නමැති 07 වැනි පන්තියේ ඉගෙනුම ලබන ගැහැනු ළමයා තම පළමු නිරුවත් ඡායාරූපය මෙම Sexting ක්‍රියාවලිය හරහා පිරිමි ළමයකුට ලබාදෙන විටදී ඇයගේ වයස අවුරුදු 12කි.
මුලින් ඇයගෙන් පිරිමි ළමයකු නිරුවත් ඡායාරූපයක් ඉල්ලා සිටි විටදී ඇය කර ඇත්තේ තම නිරුවත් රුව චිත්‍රපටයකට නගා ලබාදීමය. එයට පිරිමි ළමයා සතුටු නොවූ පසු ඇය තම මල් පෙත්තක් බඳු නග්න රුව තම පියා ගෙනැවිත් දුන් නවීන දුරකථනය හරහා ඡායාරූපගත කර පිරිමි ළමයාට යවා ඇත. එතැනින් නොනැවතුණු ඇය තවත් විවිධ නග්න ඡායාරූප රැසක්ද ලබාදී ඇත. මෙම කතාන්දරය එතැනින්ද නැවතුණේ නැත.
ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගත් පිරිමි ළමයා කළේ අන්ත තිරිසන් ක්‍රියාවකි. ඔහු එම සේයාරූ තම මිතුරන්ටද (අවුරුදු 12-14 වයසේ) ජංගම දුරකථනය හරහා යැව්වේය. තමන්ටද රසඳුනක් වූ මෙම කුඩා දැරියගේ නග්න සේයාරූ එම සමහර මිතුරන් විසින් අන්තර්ජාලයටද එක්කරනු ලැබිය. එය මහත් අනතුරුදායක තත්ත්වයක් විය. එනම් එම සිදුවීමෙන් පසුව යටකී ගැහැනු ළමයාට තම පාසලට යාමට පවා නොහැකි විය. එසේ වූයේ පාස‍ලේ බලධාරීන් සිද්ධිය දැනගෙන තිබිම සහ දැරියට තම සමහර මිතුරු මිතුරියන් උසුළු විසුළු කිරීමය.
ඇමෙරිකාවේ බොස්ටන් නගරයෙන් වාර්තා වූ එම සිදුවීම හා සමාන සිදුවීම් රැසක් තවත් බටහිර රටවල් රැසකින්ම වාර්තා වෙයි. එසේම මෙම Sexting (සෙක්ස්ටින්) ක්‍රියාවලිය නීතිමය වටපිටාවකටද රැගෙන ගිය එකකි. ලෝකයේ බටහිර රටවල් පවා මෙවැනි ක්‍රියා සිදුකරන වයස අවුරුදු 18න් පහළ ළමුන්ට එරෙහිව ගැනුණු නීතිමය පියවරද රැසකි.
මෙසේ නිරුවත් සේයාරූ අන්තර්ජාලයට එක්කළ ළාබාල ගැහැනු සහ පිරිමි ළමුන් රැසකට එරට අධිකරණයන් විසින් ළමා පුනරුත්ථාපනය කිරීමේ දඬුවම්ද පමුණුවා ඇත. Sexting මෙම ක්‍රියාවලිය විදේශ රටවල් රැසක දැනට ඉතාමත් බියකරු අන්දමින් ව්‍යාප්තව ඇති අතර, එම රටවල රජයන් විසින් මෙය මැඬපැවැත්වීමට විවිධ නව නීතිරීති රැසක්ද ඉදිරිපත් කර ඇත.
වයස අවුරුදු 14-17 යනු නීතිමය ලෙස බාල වයස්කාර ගණයට වැටෙන දරුවන් කොට්ඨාසයකි. මෙය ළමා අසභ්‍ය සේයාරූකරණය (Child Pornography) වශයෙන් හැඳින්වෙන අතර, මෙය තවත් ආකාරයකින් ප්‍රයෝජනයට ගන්නා අපරාධකරුවන්ද රැසක් සිටිති. එනම් ඔවුන් බොහෝවිට වැඩිහිටියන්ය.
මෙම පිරිස් සංවිධානාත්මකව මෙම ළමා අසභ්‍ය සේයාරූ සහ වීඩියෝ දර්ශන එක්රැස් කරගෙන ඒවායින් මුදල් ඉපැයීමේ ජාවාරම්ද සිදු කරති. අද සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ නිරුවත් ළමා සේයාරූ ඇති වීඩියෝ දර්ශන ඇති වබේ අඩවි පවත්වා ගැනීම අතිශය තහනම් වන අතර, ඒවා දර්ශනය වීම ස්වයංක්‍රීයව අත්හිටුවනු ලබයි.
එසේම එවැනි වබේ අඩවි නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන පිරිස්වලට විවිධ නීතිමය අනතුරු හැඟවීම්ද ඉදිරිපත් කරති. එහෙත් සමහර අන්තර්ජාතික අපරාධකරුවන් මෙම වැටකඩොලුවලින් මිදී එවන් දසුන් භාවිත කරමින් මුදල් ඉපැයීම සහ වෙත් විවිධ අපරාධවලට පෙලඹී සිටිති.
ශ්‍රී ලංකාව තුළද මෙම Sexting ක්‍රියාවලිය යම් ආකාරයකින් බොහෝ රහසිගතව ක්‍රියාත්මක වෙයි. මේ ලිපියේ මුලින්ම කියූ යුවතියන්ගේ කතාවද ඉන් එක් සිදුවීමකි. එදිනෙදා පුවත්පත් ගත් කලද ශ්‍රී ලංකාව තුළ එවැනි අපරාධයන් සිදුවන බැව් පෙන්වා දෙයි.
එසේම ශ්‍රී ලංකා ‍පොලිසියේ ‘‍පොලිස් අන්තර්ජාල අපරාධ අංශය’ (Sri Lanka Police Cyber Crime Unit) මේ තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන අතර, යම් අන්තර්ජාල අපරාධයක් පිළිබඳ වාර්තා වුවහොත් ඒ පිළිබඳව වහා පැමිණිලි කරන ලෙසටද දන්වා සිටියි. මතෛක් එවැනි සිදුවීම් රැසක් පිළිබඳවද ඔවුන් පරීක්ෂණ පවත්වා අධිකරණයටද එම සිදුවීම් ඉදිරිපත් කර ඇත. ඒවා සියල්ල විස්තර කිරීමට මෙම ඉඩකඩ මදිය.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් පවසා සිටින්නේ මෙම Sexting ක්‍රියාවලිය අතිශය වේගවත් වීමට ප්‍රධාන හේතුව වන්නේ වත්මන් ‘ස්මාට්’ ජංගම දුරකථන බැව්ය. එනම් එම දුරකථනයන් විසින් නිරන්තරයෙන් ගනු ලබන ‘සෙල්ෆි’ (Selfies) සේයාරූ සහ වීඩියෝ දර්ශන ඉතාමත් දරුණු තත්ත්වයක් උද්ගත කළ බැව්ය.
කාමුකයන්, දූෂිතයන්, වංචාකාරයන් සහ නානා ප්‍රකාරයේ සොරුන්ද අද ‘ෆේස්බුක්’ ජාලයට රිංගා ගෙන මහා විනාශයක් සිදු කරති. එමගින් වත්මන් ළමා සහ තරුණ පරපුරද මහත් විනාශ මුඛයකට රැගෙන යමින් සිටිති. අද සෑම තරුණ පාසල් දරුවකුම පාහේ මෙවැනි ‘ස්මාට්’ ජංගම දුරකථන අතේ තබාගෙන දවසේ පැය ගණනාවක්ම වටිනා කාලය කා දමමින්ද සිටිති. මෙය සෑම නිවසකම පාහේ දක්නට ඇති දරුණු ශෝකාන්තයකි. ශබ්ද කෝෂයටද Sexting (සෙක්ස්ටින්) රිංගා ගත්තේ මේ නිසාය. එහෙත් එය වචනයකට පමණක් සීමා නොවුණු රුදුරු යක්ෂයෙකි.

No comments