අලුත් ජම්බු

ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවි දිවියෙන් සමුගනී


ඉන්දීය සුපිරි රංගන ශිල්පිණියක්  වන ශ්‍රී දේවි හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.ඇය  ඩුබායි හී විවාහා මංගල්‍යක් සඳහා සහභාගී වීමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී තිබෙනවා.මිය යනවිට ඇය  54 වියේ පසු වුණා.

වයස අවුරුදු හතරේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය.

ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි වූ අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි සිටි බව සැළකේ.

ඇය මියයනවිට ඇගේ සැමියා වූ බොනී කපූර් මෙන්ම දියණිය ඛුෂි ද ඇය සමග සිටි බව වාර්තාවල දැක්වේ.
1978 දී සිනමා පටයක ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩ්හි චිත්‍රපට ගමන ආරම්භ කළ ඇය ඉතා ඉක්මණින් ම ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා තාරකාවන් අතරට පිවිසියාය.

දශක පහක සිනමා ගමන තුළ චිත්‍රපට 150 වැඩි ප්‍රමාණයකට ඇය සිය රංගනය එක් කළාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විණි.

කුසලතා පිරිපුන් ඇය 1997 එළිදුටු ජුදායි චිත්‍රපටයෙන් අනතුරුව සිය සිනමා ගමනට විරාමයක් තැබුවාය.
ඇය යළි චිත්‍රපට කර්මාන්තයට එක්වූයේ 2012 වසරේ 'ඉංග්ලිෂ් විංග්ලිෂ්' සිනමා පටයට දායක වෙමිනි.

ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන් 2013 වසරේදී ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.









Image may contain: 1 person, closeup

Image may contain: 1 person, closeup

No comments