අලුත් ජම්බු

බංගලි ප්‍රේක්ෂකයන්ට ලංකාවෙන් ප්‍රහාරයක්


ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 215ක ඉලක්කය කඩුලු පහක් පමණක් වැය කර තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදී පසුකර යෑමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැති තෙවැනි තරගයේදිය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20ට ලකුණු 214 ක් රැස්කළේය. පළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවා 19.2කදී කඩුලු පහක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය.
බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මුශ්ෆිකාර් රහීම් පන්දු 35කදී ලකුණු 72ක් නොදැවි රැස්කිරීමට සමත්විය.
මේ අතර අද තරගය අවසානයේ බංගලාදේශයේ ප්‍රේක්ෂකයන්ට යම් ප්‍රහාරයක් එල්ල වුන බවට එරට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇති අතර පහතින් එම ජයාරූප නරඹන්න.පොලිසිය මැදිහත් වී ගැටුම නිරාකරණය කර ඇති අතර පසුව සියලූ දෙනා විසිර ගියහ.

 

No comments