අලුත් ජම්බු

පංජාර විජ්ජු නාඩන්ද කුංජු වීඩියෝවේ බොරුව හිලිවෙයි




"පංජාර විජ්ජු නාඩන්ද කුංජු " මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වීඩියෝවක් බවට මෙය පත්වී තිබෙනවා.මේ වීඩියෝව මගින් අපට දැකගන්නට ලැබුනේ මවක් තම දියණියට කුමක් හෝ වාක්‍යක් ඉගැන්වීමට උත්සහ කරන අතර දියණිය විසින් එම වාක්‍ය වැරදි ආකාරයෙන් උච්චාරණය කරන හාස්‍ය ජනක සිදුවීමයි.නමුත් මෙහි සත්‍ය කථාව තරමක් වෙනස් වන අතර ඒ කතාවයි  මේ...

මලයාලම් සිනමාවේ ගයත්‍රී අරුන් නමින් ජනප්‍රිය නවක නිලියක් ඉන්නවා.ගයත්‍රී  මේ දිනවල කේරලයේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යක පොලිස් නිලධාරිණියකගේ චරිතයකට පණපොවනවා මේ නිසාම ඇයට මලයාලම් ටෙලිනාට්‍ය කලාව තුල විශාල ජනප්‍රියත්වයක් ලැබිල තියෙනවා.

ඇය විසින් තමන්ගේ Face Book  පිටුවට මුදාහැරපු වීඩියෝවක් තමයි මේ විදිහට අන්තර්ජාලයේ ජනප්‍රිය වීඩියෝවක් බවට පත්වෙලා තියෙන්නේ.පංජාර විජ්ජු නාඩන්ද කුංජු කියන්නේ මලයාලම් භාෂාවෙන් ළමුන් සඳහා නිර්මාණය වූ ගීතයක්.මෙහි තේරුම නම්  කුංජු යන දරුවා විසින් ගම පුරාම සීනි බෙදමින් යන බවයි. එම ගීතය පහල ඇති වීඩියෝවෙන් ඔබට බලන්න පුළුවන්.



ඉතින් මේ ගීතය තමයි ගයත්‍රී විසින් තම දියණිය වන කල්ලුට කියලදෙන්න උත්සහ කරන්නේ.අපි හැමෝම ඇත්ත කියලා හිතාගෙන බලපු මේ වීඩියෝව ඇත්තටම dubsmash එකක් එහෙමත් නැත්නම් එක්තරා රංගනයක්.තවත් පුද්ගලයෙක් විසින්  කරපු වීඩියෝවක් තමයි මොවුන් දෙදෙනා මේ විදිහට අනුකරණය කරලා තියෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් තම දරුවාට මෙම ගීතය උගන්නවන අතරතුර තම දරුවා විසින් එම ගීතය වැරදියට කියන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.එම වීඩියෝව තමයි ගයත්‍රී හා දියණිය අනුකරණය කරන්නේ.එම සැබෑ වීඩියෝව පහලින් නරඹන්න




කෙසේ වෙතත් ගයත්‍රී විසින්  පැහැදිලිවම සඳහන් කර තිබෙනවා තම දියණිය හට එම ගීතය හොඳින් ගයනා කල හැකි බවත් මෙය අනුකරණයක් පමණක් යන කාරණය.



No comments