අලුත් ජම්බු

පුබුදු විවාහ වෙයි


ජනප්‍රිය නළු පුබුදු චතුරංග අද (15) යුගදිවියට පිවිස තිබෙනවා. ඔහු විවාහ වී ඇත්තේ පසුගිය කාලය පුරා වෙළඳ දැන්වීම් හා ටෙලි නාට්‍ය තුලින් ප්‍රසිද්ධියට පත්ව සිටි නිමාෂා සිරිවර්ධන සමඟින්.
දිනක් ඔවුන් දෙදෙනාගේ ආදරය පිළිබඳව මාෂි පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මෙලෙසින්...
වයස් පරතරය අපි දෙන්නාගේ ආදරයට කොහෙත්ම බාධාවක් නෙමෙයි. මගේ අම්මයි තාත්තයි අතරෙත් ලොකු වයස් පරතරයක් තියෙනවා. පුබුදු අයියගේ අම්මයි තාත්තයි අතරෙත් අවුරුදු 13 පරතරයක් තියෙනවා . මම හිතන්නේ වයස් පරතරය වැඩි වුනාම ආදරය රැකවරණය වැඩියි. හොද අවබෝධයක් ඇතිවෙනවා. මම හිතන්නේ මේක ජීවිතේ ගත්ත හොදම තීරණය.
මට මුලින්ම පුබුදු අයියව හම්බ වුනේ අපේ පාසලේ තිබ්බ උත්සවයකදි. මීට කලින් අහල තිබ්බට එයාව දැකලා තිබුනෙ නෑ. එදා පුබුදු අයියට මාර විදිහට ප්‍රතිචාර තිබ්බා. එදා අපේ ඉස්කෝලේ ලස්සනම යුවතිය තෝරන තරඟයක් තිබ්බේ. මම තමයි ජයග්‍රහණය කලේ. පුබුදු අයියා තමයි මට කිරුළ පැළදුවේ. එදා මම අයියා එක්ක ෆොටෝ එකක් ගත්තා. තාම ඒක තියෙනවා මගේ ලඟ.

























No comments